අඹ ගසක් කතා කරයි | සිළුමිණ

අඹ ගසක් කතා කරයි

මම අඹ ගසක් වෙමි. උඩු­වි­ය­නක් සේ විහි­දී­ගිය මගේ අතු සැම­දෙ­නා­ටම සෙවණ සලසා දෙයි. අවු­රුදු කාල­යට මගේ සැම රිකි­ල්ල­කම මල් හට ගනියි. ඉන්පසු මීමැසි, බඹර ගුමු නදින් මගේ සවණ පිරෙයි. මගේ ඵල කෑමට ළමයි ඉතා ප්‍රිය කරති. ගිරවුන්, වඳුරන්, ලේනුන් ආදි සත්තු මගේ ඵල කෑමට ඉතා ප්‍රිය කරති. මගේ ගෙඩි වෙ‍ෙළ­ඳ­පොළේ විකි­ණී­මෙන් ඉහළ ආදා­ය­මක් උපයා ගත හැකිය. බක් මාසය උදා­ ව­න­ තුරු මා ඉන්නේ ඇඟිලි ගනි­මිනි. ඒ මක්නි­සා­ද­යත් නැවත මා ඵල දරන බැවිනි. මගේ අතු­ මත විවිධ කුරුලලන් කූඩු සාදා ඇත. ඒවායේ චූටි කුරුලු පැටවු සැපසේ නිදති. කුරුලු අම්මලා, තාත්තලා කෑම සොයා­ගෙන ඇවිත් කවන අයුරු මා බලා සිටින්නේ මහත් සතු­ටිනි. සීත සුළඟ මා වටා දැව­ටෙන විට මට ඇති වන්නේ මහත් සතු­ටකි. මම ලෝක­යට සෙවණ ලබා දෙමි. මා කැපී­මට එන මිනි­සුන්ට ද මම සෙවණ දෙමි. එවිට මිනි­සුන් මගේ වටි­නා­කම වටහා ගනු ඇත.

සසිඳු සස්මිත ධර්ම­ප්‍රිය
6 ශ්‍රේණිය,
වේලා­පුර මහා විදු­හල,
කළු­තර.

Comments