‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’හුන්ඩායි මෝටර්ස් | සිළුමිණ

‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’හුන්ඩායි මෝටර්ස්

මෙවර BBC TopGear සඟරාව මගින් හුන්ඩායි මෝටර් සමාගම ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’ ලෙස නම්කර ඇත. මෙම සඟරාව මේ වනවිට වෙ‍ෙළඳපොළට නිකුත් කර තිබේ. හුන්ඩායි සමාගම අත්පත් කරගෙන ඇති වේගවත් වර්ධනය මෙම සඟරාව මගින් ඇගයීමට ලක්කර ඇති අතර එහි i30N, IONIQ සහ KONA Electric රථවාහන මාදිලි වල සුවිශේෂීත්වයන් පිළිබඳව එහි කරුණු දක්වා තිබේ.

සඟරාව පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ Hyundai රථවාහනවල ‘විශේෂයක් නොමැති’ බව ගැන කතාකිරීමෙන් අනතුරුව, මේ දකුණු කොරියානු සමාගම මේ වනවිට තම විවේචකයන්ට නිසි පිළිතුරු ලබාදී ඇති බවයි.

එදිනෙදා පාවිච්චියට සුදුසු City Cars වර්ගයේ රථවාහන, සාම්ප්‍රදායික හැච්බැක් සහ ‘Hot Hatches' වර්ගයේ කාර්, කුඩා සහ විශාල SUV වැනි මාදිලි රැසක් මෙන්ම සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින්, හයිබ්‍රිඩ් එන්ජින්, විදුලි බලයෙන් ධාවනය වන වාහන සහ හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන වාහන ඇතුළුව ඉතාමත් පුළුල් පරාසයක පැතිරුණු රථවාහන වර්ග රාශියක් Hyundai Motors සමාගම දැනටමත් හඳුන්වා දී ඇත.

Comments