විලියම්ස් පවුල ටෙනිස් පිටියේ | සිළුමිණ

විලියම්ස් පවුල ටෙනිස් පිටියේ

හොප්මන් කුසලාන ටෙනිස් තරගාවලි‍ය මෙම වසරේදී පැවැත්වුයේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදීය. මෙය මිශ්‍ර කණ්ඩායම් තරගාවලියකි. ගිය වසරේදී මෙන්ම මෙවරත් එහි ශූරතාව හිමි කරගැනීමට සමත් වුයේ ස්විස්ටර්ලන්තයයි. එම කණ්ඩායම රොජර් ෆෙඩරර් සහ බෙලින්ඩා බෙන්සිච් ක්‍රීඩා කළහ.

මෙවර තරගාවලියේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුයේ ස්විස්ටර්ලන්තය සහ ඇමෙරිකාව අතර පැවැති තරගයටයි. එහිදී සුපිරි ක්‍රීඩිකා සෙරිනා විලියම්ස් සහ ෆෙඩරර් තරග කළහ. ඔවුන් මෙසේ ප්‍රතිවාදීන් ලෙස තරග කළ ප්‍රථම වතාව මෙය වෙයි.

එම තරගයෙන් ෆෙඩරර් - බෙන්සිච් ජය ගත්තේ සෙරිනා - ෆ්‍රාන්සෙස් ටියාෆෝ පරාජය කරමිනි. මෙම තරගාවලිය නැරඹීමට සෙරිනාගේ සැමියා සහ දියණිය පැමිණ සිටීයහ.

 

Comments