තෙල් මිල ආයෙත් පහළට | Page 2 | සිළුමිණ

තෙල් මිල ආයෙත් පහළට

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. 
 
ඒ අනුව යුරෝ 4 විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00කින් අඩු කිරීමට ද රජය පියවර ගෙන ඇත.
 
ඒ අනුව දැනට රුපියල් 125ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123ක් වේ. රුපියල් 14‍9ක් ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක නව මිල රුපියල් 147 කි.ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99ක් වන අතර  එහි පැවති මිල වූයේ රුපියල් 101කි. රුපියල් 121කට අලෙවි වූ සුපිරි ඩීසල් ලීටරයක් නව මිල සංශෝදනය අනුව රුපියල් 118 කට අලෙවි කෙරෙනු ඇත.
 
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ සෑම මසකම 10 වන දින මිල සමාලෝචනය කිරීම යටතේ මෙවර ද ඉන්ධන මිල අඩු කළ ද ජාත්‍යන්තර වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
 
ජනවාරි මස දෙවන සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර අද වන විට බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 59 ද ඉක්මවා ගොස් ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.මේ අතර ලංකා IOC සමාගම ද එම මිල ගණන් යටතේ ම ඉන්ධන මිල පහළ දමා ඇත.
 

Comments