යළි ඇරඹෙන ‘ගම්පෙරළි‍යෙන්’ එක් ආසනයකට කෝටි 30ක් | Page 3 | සිළුමිණ

යළි ඇරඹෙන ‘ගම්පෙරළි‍යෙන්’ එක් ආසනයකට කෝටි 30ක්

ග්‍රාමීය සංවර්ධනය වේගවත් කර සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ‘ගම්පෙරළිය’ සංවර්ධන ක්‍රියාන්විතය හරහා සෑම මැතිවරණ කොට්ඨාසයකටම රුපියල් කෝටි 30ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ. ගම් පෙරළිය සෑම මැතිවරණ බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට, එක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් 2018 වර්ෂයේ රුපියල් බිලියන 20ක ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය විසින් වෙන් කරන ලදී.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඇරැඹි ගම්පෙරළිය වැඩසටහන සඳහා ආරම්භයේදී එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200ක් බැගින් දිවයින පුරා ඇති මැතිවරණ කොට්ඨාස 160 සඳහා රුපියල් මිලියන 32000ක මුදලක් වෙන් කර තිබිණි. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන යටිතල පහසුකම් අංශ 12ක් යටතේ ගම්පෙරළිය වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර තිබිණි.

“ගම්පෙරළිය” සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නතර කර දැමීමට සිදු වුවත් මෙම යෝධසංවර්ධන වැඩසටහන 2019 වසරේදී නැවුම් මුහුණුවරකින් යළි ආරම්භ වීමත් සමග ගමට පිවිසෙන මාර්ගයේ සිට ජලය,ඇලවේලි, ගොවිබිම්, කර්මාන්ත, සේවා, පාසැල්,සෞඛ්‍ය, පෝෂණ ,ආගමික, සාමාජයික, ක්‍රීඩා, කලා කටයුතු ආදි අංශ රැසක සංවර්ධන ව්‍යාපෘතිවිශාල ප්‍රමාණයක් තුළින් ජනතාවට සහන හා පහසුකම් ලබා දීමට හැකියාව ලැබේ.

 

Comments