මා මතින් ඔබ නොදැවි දැවුණි ද | සිළුමිණ

මා මතින් ඔබ නොදැවි දැවුණි ද

ඈතින් තවමත් දුරට ඇසෙන්නේ ගැඹුරු හඬක්. ඔහු තවම මෙහි දැයි නොදනිමි. නමුත් මම ඔහු සොයමි. සෑම විට ම තනි වූ මා අසල ගැවසුණු නිහැඬියාව මට ලබා දෙන්නේ ම ඇරඹුමකි. විමසමි “ ඔබ කොහි ද.?” මම තනිව සොයමි ඔහුව තවම. අඳුරට පවා අමතමි නාඳුනන ඔහු වෙනුවෙන්. මා අසල සලිත මද නළ බිඳෙති හරි සැරට. දැවෙන බිම කියනවා තවම මට “ ඔබ ඉඳින් දත් මේ ගමන ඇරඹුවා මද නල සමග. නිබඳ ඔබ නොදත් ඔහු දත් කතරක අන්තය, කරයි ඔබ හට ඇරයුම්, එන්න...

නිබඳ මේ මඟ ගෙවූ ඔහු හට ලැදි ද දාහය.? නැවත මා යන ඔහු ගෙවූ මග නිසරු නිති සරුවේ ද.? ලැදිව ඔහුට ඒ දාහය. ඒ මඟ සුමඟක් ඔහුට. සැම විටත් මට ගිරි දුර්ගයක් වුව ද, නොකියාම මට ඔහු එතෙර විය ගෙවා තවත් හෙටකට.

බිඳුුණු විට මද නල හැපී මා සියොලඟම හැරී ආ පසු යන්නේ ද ඔහු සොයා හෙට.?

එසම නොම සම තවමත් බිඳෙති ඔහුගේ හඬ. “ සොයා ගන්නේ ද කොහිද මා, ඔබ.? තනි නොවේවි ද අදත් ඔබ නිසා මම. කිම ද,? වපුරනුයේ කතරක කඳුළු කැට. හැඟෙණු හඟවනු ද, ඔබ මා හට ඔබ නිසා තනිවුණි ද මා හෙට.? ලැබුණ ද ඔබට සුළඟක් වී හසුන, දැවටෙමින් ඒ මා හඬ, තනිව ඇයි ඔබ සොයන් මා හද. ” ඇහෙනවා දුරට රැස් කරන්නයි තවත් දුක කියනවා ඔහුත්, හනික දැවෙමින් නොදැවුණු අළු මත නමින්. නිබඳ අයදිති අවදි වී නොලබු සතුටක ස්වර. හැකි නම් නොහැකි වන්නේ ද උදා වන්නට ඒ හෙට. අහිමි වී වැලි පසට ඒ තෙත ලබා දෙමි බිජු වන් ව කඳුළුලින් තැනූ, ඔබ දැවූ අළු පැමිණ ඇත මග දෙපස රැගෙන යන්න ට අහිමි ඔබ මා කොහි දනීවි ද.?

දැවි දැවී යයි මතකයත් අද ඉතින් ඔබ මේ කතරෙහි කියා සැඟව යන්නේ ද මාත් ඔබ තුළ ඔබ ලබා දුන් පැතුමක් මතින්. නිබඳ මා ඔබ සොයා ආවේ, කිමද මද නල දැවටෙමින්. සිතින් මා ඔබ සොයා ඇත්තේ දැවුණු ඔබගේ පැතුමන් මතිනි.

අරුම රිදුමන්

තනිව තැවුමන්

සිතුවමක සයුරෙන් එහා

පෙනෙන නුපුරුදු

සිහින සුපුරුදු

දැවුණේ තනිව ද

ඒ රැය පුරා

මා මතින් ඔබ

නොදැවි දැවුණි ද

දැවී යයි අළු

සිහිනෙක තියා

 

අදහස්