තවත් ඇමැතිවරු දිවුරුම් දෙති | Page 2 | සිළුමිණ

තවත් ඇමැතිවරු දිවුරුම් දෙති

නව ආණ්ඩුවේ කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් පසුගිය සිකුරාදා (21) සන්ධ්‍යාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

කැබිනට් නොවන අමාත්‍යවරු

1. හර්ෂ ද සිල්වා - පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ,

2. අජිත් පී. පෙරේරා - ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ,

3. සුජීව සේනසිංහ - විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ.

රාජ්‍ය අමාත්‍යවරු

1. රන්ජන් රාමනායක - මහාමාර්ග හා මාර්ග සංවර්ධන,

2. විජයකලා මහේෂ්වරන් - අධ්‍යාපන,

3. ජේ.සී. අලවතුවල - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන,

4. එරාන් වික්‍රමරත්න - මුදල්,

5. රංජිත් අලුවිහාරේ  - සංචාරක සංවර්ධන,

6. වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික,

7. ලකී ජයවර්ධන - නගර සැලැසුම් හා ජල සම්පාදන,

8. නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු,

9. රුවන් විජයවර්ධන - ආරක්ෂක,

10. චම්පිකා ප්‍රේමදාස - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති,

11. අශෝක් අබේසිංහ - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා,

12. ෆයිසාල් කාසිම් - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය,

13. එම්.එම්.එම්. හාරිස් - පළාත් සභා හා පළාත් පාලන,

14. අමීර් අලී - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු,

15. දිලිප් වෙදආරච්චි - ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන,

16. ඒ.ඉසෙඩ්.එම්. සෙයිඩ් - සමාජ සවිබල ගැන්වීම්,

17. වඩිවෙල් සුරේෂ් - වැවිලි කර්මාන්ත.

නියෝජ්‍ය අමාත්‍යවරු

1. අනෝමා ගමගේ - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන,

2. එඩ්වඩ් ගුණසේකර - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ,

3. නලීන් බණ්ඩාර - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ,

4. අජිත් මාන්නප්පෙරුම - පරිසර,

5. කරුණාරත්න පරණවිතාන - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු,

6. බුද්ධික පතිරණ - කර්මාන්ත හා වාණිජ්‍ය,

7. පාලිත තෙවරප්පෙරුම - සමාජ සවිබල ගැන්වීම්.

 

Comments