යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 10 වැනි වරටත් ජනවාරියේ | සිළුමිණ

යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 10 වැනි වරටත් ජනවාරියේ

යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය උතුරු පළාතේ පවත්වන දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන අතර මෙරට හා ලෝකයේ දැවැන්ත ජනප්‍රිය සන්නාම හා සේවා රාශියක් එහිදී දැකබලා ගැනීමේ අවස්ථාව හිමි වේ. පුළුල් පරාසයක පැතිරුණ භාණ්ඩ මෙහිදී මිලදී ගැනීමට හා ප්‍රදර්ශනයට තබනු ඇත. එම නිසා ශ්‍රී ලංකාව තුළ විවෘත වෙමින් පවතින දැවැන්ත වෙළෙඳපොළ අවකාශයකට ප්‍රවේශ වීමට ව්‍යාපාරික ආයතනයන්ට විශිෂ්ට දොරටුවක් විවෘත වීමක් ලෙස යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය හැඳින්විය හැකිය.

යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 10 වැනි වරටත් ජනවාරි 25 - 27 දිනවලදී “The Gateway to the North” යන තේමාව යටතේ පැවැත්වේ. අන්තර්ජාතික මෙන්ම දේශීය ව්‍යාපාරිකයන් හා ව්‍යාපාරික ආයතනයන්ට මෙම ප්‍රදර්ශනය සිය අලෙවිය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ මහඟු අවස්ථාවක් නිර්මාණය කර දෙයි. වේගයෙන් දියුණු වෙමින් පවතින උතුරු පළාතේ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ඉඩහසර සැලසෙන මෙම ප්‍රදර්ශනයට පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ හා සේවා ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම විසින් වාර්ෂිකව යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන අතර, යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, යාපනය මහ නගර සභාවල ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය මේ

සඳහා සිය සහයෝගය ලබා දෙන ආයතන වේ. මේ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලය සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අනුග්‍රාහකත්වය දක්වයි.

Comments