ගෙදර ඉඳන් ඇන්තූරියම්වලින් සල්ලි හොයන මග | සිළුමිණ

ගෙදර ඉඳන් ඇන්තූරියම්වලින් සල්ලි හොයන මග

ඡායාරූප - චමින්ද නිරෝෂන

ලොව පුරා ලොකු කුඩා කොයිකවුරුත් මල් වලට කැමති බව අප කවුරුත් දන්නා සත්‍යකි. මංගල - අවමංගල ඕනෑම අවස්ථාවකදී එම අවස්ථාවට සුදුසු සැරසිලි සදහා ඉතා අලංකාර මෙන්ම සුවදැති විවිධ මල් වර්ග යොදාගන්නා අතර සැරසිලි කලාවේදී ඉතාම වැදගත් දෙයක් ලෙස පිළිගැනෙන මෙම මල් ගෘහ ආශිත විසිතුරු වගාවන් ලෙසද මේ වනවිට ප්‍රචලිතව තිබේ. එපමණක් නොව බොහෝ පිරිසක් මේ වනවිට මල් වගාව ව්‍යාපාරයක් ලෙස සිය ආදායම් මාර්ග ගොඩනගා ගැනීම සදහා යොදාගෙන ඇති අතර මේ වනවිට මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රථම ආදායම් මාර්ගයක් බවටද එය පත්ව තිබේ.

මෙලෙස මෙරට තුළ මේ වනවිට ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන මල්වගා වහා එම කර්මාන්තය ගැන කතා කිරීමේදී ඇන්තූරියම් වගාවටද සුවිශේෂ තැනක් හිමිව තිබේ. මල්වගාව කර්මාන්තයක් ලෙස සිදුකරන බොහෝ පිරිසක් ඉහළම ආදායමක් ලැබීමේ අරමුණින් මේවනවිට ඇන්තූරියම් වගාව සදහා යොමු වීමේ ප්‍රවණතාවයක් දකින්නට ඇති අතර ගෘහ ආශ්‍රිතව මල්වගාවේ නිරත කාන්තාවන් බොහෝ පිරිසක්ද මේ වනවිටත් ඇන්තූරියම් වගාව සදහා යොමුව තිබේ. කෙසේ වුවත් මෑතක් වනතුරු ගෘහඅලංකරණය සදහා පමණක් භාවිතා කළ ඇන්තූරියම් යුරෝපය,ඩුබායි, කටාර්, සවුදිඅරාබිය, ක්වේටය ආදී ලොව රටවල් රැසකට අපනයනය කිරීමට අපේ මල් වගාකරුවන්ට මේ වන විටත් හැකියාව ලැබී ඇති අතර අනෙකුත් මල්වගාවන්ට සාපේක්ෂව ඇන්තූරියම් වගාවේදී ලබාගත හැකි සාර්ථකත්වය ඇස් පනාපිටම ඔප්පු වී ඇති හෙයින් මේ වනවිටද තවත් බොහෝ පිරිසක් එම වගාවට යොමුවෙන අයුරු පෙනෙන්නට තිබේ.

මෙරට ඇන්තූරියම් වගාව ගැන තවදුරටත් කථා කිරීමේදී එම වගාව ස්වර්ණමය පරිච්ඡේදයක් වෙත ඔසවා තැබූ ප්‍රවීණ ඇන්තූරියම් වගා උපදේශිකා යාමිකා ගුණවර්ධන මහත්මියට ද සුවිශේෂ ස්ථානයක් හිමිවේ. ඇය විසින් විසින් පවත්වාගෙන යන “මහිම” (Mahima Plant Nursery)ඇන්තූරියම් ආයතනයේ තවත් දැවැන්ත ඉදිරි පියවරක් ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක්ව ඇති “සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම්” (sound of Anthurium) ආයතනයද ඇන්තූරියම් වගාකරුවන් වෙනුවෙන් වඩාත් පුළුල් සේවාවක් ඉදිරි කාලයේදී කිරීමට සැලසුම් සකස් කර තිබේ.

ඇන්තූරියම් වගාව ඇතුළු ගෘහ ආශ්‍රිතව විසිතුරු වගාවන් තුළින් අදායම් මාර්ග ඇතිකරගැනීමේ අවස්ථාව සහ අපනයන ඇන්තූරියම් වගාව ආශ්‍රිත ආදායම් ලබන මාර්ග පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් කෘෂි කර්ම අමාත්‍යාංශය මෙන්ම විවිධ කෘෂි වැවිලි මධ්‍යස්ථාන මගින්ද විවිධ අමාත්‍යාංශය මගින්ද ජනතාව දැනුවත් කිරීම් සිදු කෙරේ. මීට අමතරව රාජ්‍ය බැංකු වල දායකත්වයද ඇන්තූරියම් වගා කරුවන්ට හිමි වන බව මෙහිදී දැන ගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ සුවිශේෂී දායකත්වය මෙම ව්‍යාපාරයන් සඳහා ලබා දී තිබේ.

යාමිකා ගුණවර්ධන මහත්මිය මේ පිළිබදව අදහස් දක්වමින්, වේයන්ගොඩ කටුනායක ගුවන් තොටුපළ මාර්ගයේ බලබෝවල ඇන්තූරියම් මාවත ප්‍රදේශයේ පිහිටුවා තිබෙන “මහිම” (Mahima Plant Nursery)ඇන්තූරියම් ආයතනය අනුබද්ධ සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනයේදී ඉතා විධිමත් ආකාරයකට මෙම කටයුතු සිදු කරනු ලබන අතර, ඒ අනුව සාර්ථක ලෙස ඇන්තූරියම් වගාව සිදුකරන අන්දම ලබාගත හැකි ප්‍රතිලාභ ආදී සියලු කරුණු පිළිබදව මෙම සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනයේදී පැවැත්වෙන ඇන්තූරියම් වගාව සම්බන්ධ විවිධ පාඨමාලා රැසකදීම ක්ෂේත්‍රයට අලුතෙන් යොමු වෙන වගාකරුවන් සදහා ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව ඉතා පුළුල් දැනුමක් ලබාදීමටද කටයුතු යොදා තිබෙන බවද පැවසුවාය. මෙම පාඨමාලා සදහා සදහා සතිපතා දිවයින පුරා සිටින ඇන්තූරියම් වගාවට ඇල්මක්ද දක්වන විශාල පිරිසක් සහභාගී වීමද විශේෂත්වයක් බවද කීවාය.

පසුගිය දිනක “සිළුමිණේ” අපි යාමිකා ගුණවර්ධන මහත්මිය හමුවීමට ගියෙමු. බොහෝ අභියෝග දුෂ්කරතා ,බාධක, හිරිහැර මැද ජීවිතය සාර්ථක කරගත් අප්‍රතිහත ‍ෙධෙර්යයෙන් යුත් ඇය සඳහන් කර සිටියේ ඇන්තූරියම් වගාව තුළ තමන් අද කෙතරම් දුරට සාර්ථක වී සිටියද තමන් මෙම වගාව මුලින්ම සිදුකරන ලද්දේ විනෝදාංශයට බවයි. එම විනෝදාංශය තම ජීවිතය නව මගකට යොමුකළ බව සඳහන් කළ ඒ මහත්මිය තමන් සතු ආයතනම ගින් දැන් මෙලෙස වගා කෙරෙන විවිධ වර්ගයන්ට අයත් ඇන්තූරියම් ප්‍රබේද යුරෝපය ,ඩුබායි, කටාර්, සවුදි අරාබිය, ක්වේටය ඇතුළු ලොව රටවල් රැසක් වෙත මේ වනවිට අපනයනය කෙරෙන බවද පැහැදිලි කළාය.

වැඩිදුරටත් කරුණු දක්වන යාමිකා ගුණවර්ධන මහත්මිය සදහන් කර සිටියේ ඇන්තුරියම් වගාව හා සම්බන්ධ සියලු කරුණු එනම් වගාකරන ආකාරය, අපනයනයට සුදානම් කරන විදිය, අපනයනය කරන ආකාරය ආදී තොරතුරු මුලසිට අගටම ඕනෑම කෙනෙකුට ගුරු මුෂ්ටි නොමැතිවම කියාදීමට තමන් සූදානම් බවයි. එපමණක් නොවේ එලෙස දැනුම ලබන අයට වගාවට අවශ්‍ය කරන රෝපණ ද්‍රව්‍යයන් ලබා දෙන්නත් දීමටත් එලෙස වගාකරන ඇන්තූරියම් සාධාරණ හා ඉහළ මිලකට මිලදී ගැනීමට තමන් සූදානම් බවත් ඇය පැවසුවාය.

ඇන්තූරියම් වගාවෙන් ලබාගත හැකි සාර්ථකත්වය පිළිබදව වැඩි දුරටත් කරුණු දැක්වූ යාමිකා ගුණවර්ධන මහත්මිය එහිදී අවධාරණය කර සිටියේ මෙලෙස ඇන්තූරියම් වගාව සිදුකිරීම තුළින් විශාල මානසික තෘප්තියක්ද නිරායාසයෙන්ම හිමිවන බවයි. මෙම මල් වගාව සිදුකිරීමට සුදුසුම දේශගුණ තත්ත්වය අප රටේ ඇති බව ද පැහැදිලි කළ එම මහත්මිය උනන්දුව හා කැපවීම තිබේ නම් ඇන්තූරියම් වගාව සිදුකරන ඕනෑම කෙනෙකුට තම ජීවන තත්ත්වය හා ආදායම කිසිදු බාධාවකින් තොරවම ඉහළ නංවාගත හැකි බවත් පැහැදිලි කළාය. ඇන්තූරියම් වගාව සදහා විශාල භූමියක් හෝ ඉඩකඩක් අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය අයට සිය නිවසේ සිටම මෙම ව්‍යාපාරයේ නිරත විය හැකි බවත් පවසන යාමිකා ගුණවර්ධන මහත්මිය මෙවැනි ව්‍යාපෘති සදහා අවශ්‍ය යේ සහන හා දිරිගැන්වීම් ලබාදීම බලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීම බවද සදහන් කරයි.

 

 

Comments