සරුං­ගල් 14 දා සිට තිරයට | සිළුමිණ

සරුං­ගල් 14 දා සිට තිරයට

නාලක විතානගේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ සරුංගල් චිත්‍රපටය දෙසැම්බර් 14දා සිට එම්.පී.අයි. මණ්ඩලයේ තිරගතවේ. නූතන ප්‍රේම කතාන්දරය අතර වෙනස්ම කතා තේමාවක් රැගත් සරුංගල් නම්කොට ඇත්තේ ෆැන්ටසි ආදරයක රියැලිටි අරුමැසිය ලෙසටය. ප්‍රධාන චරිත හතරක් වටා දෝලනය වන මෙම කතාව තුළ සාකච්ඡාවට බඳුන්කරනු ලබන්නේ ප්‍රේමයේ ෆැන්ටසිය සහ යථාර්ථය ස්වරූපය ගැනය.

‘‘සරුංගල්” තරංග අතුරලියගේ සහ ඒ.පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි.

‘‘සරුංගල්”හි උමාරියා සිංහවංශ සහ බාචි සුසාන් ගායනයෙන් දායක වේ. චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණී, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූරියා දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර රංගනයෙන් දායක වන ”සරුංගල්” හි සහය අධ්‍යක්ෂණය කැලුම් උඩවාවල සහ පැතුම් ඒකනායකගෙනි.

ධනුක බාලාරච්චි කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙන සරුංගල්හි අංගරචනය අරුණ ශාන්තගෙනි. රංග දසනායගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන සරුංගල් මංජුල කුමාරතුංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වේ. සරුංගල්හි ප්‍රචාරණ සැලසුම් CATS ආයතනය විසින් සිදු කරනු ලබයි.

 


Shining Pearls ප්‍රසංගය හෙට මහරගමදී

කොට්ටාව මාකුඹුර Shining Pearls අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන්ගේ චිත්‍ර, සංගීත සහ නැටුම් දක්ෂතා එළි දැක්වීමේ ප්‍රසංගය හෙට (17 ) මහරගම තරුණසේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

Comments