ඔවුහු ක්‍රිකට් ලෝක කුසලානයක් ලංකාවට රැගෙන ආහ. | සිළුමිණ

ඔවුහු ක්‍රිකට් ලෝක කුසලානයක් ලංකාවට රැගෙන ආහ.

අනුකම්පාව නොව, මනුෂ්‍යත්වයේ නාමයෙන් තමන්ට සමාජයේ හිමි විය යුතු ස්ථානය අරභයා අරගල කරමින් සිටි ඒ විශිෂ්ට තරුණයෝ අවසානයේ ලෝකයට අභියෝග කළහ. අනතුරුව ලෝකය දිනා ගත්හ. ක්‍රිකට් සම්බන්ධ සියලු මිහිරි සැමරුම් අතීතයට එක් වුණු මොහොතක ඔවුහු ක්‍රිකට් ලෝක කුසලානයක් ලංකාවට රැගෙන ආහ. ඔවුන් දිනූ ලෝක කුසලානයට මේ සමාජය දෙන තක්සේරුව දෙවන පන්තියේ එකක් වූවා විය හැකිය. එහෙත් මේ දිරිමත් තරුණයන් මුණ ගැසීමට, ඔවුන්ට සුබ පැතීමට, ඔවුන්ගේ අපේක්ෂා දැල්වීමට මේ රටේ පළමු පුරවැසියා කටයුතු කළේය. පසුගිය දා ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවැත්වුණු 20 විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අගයමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් හමුවූ අවස්ථාව මෙසේ කැමරා කාචයේ සටහන් විය. ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනී අනුලා රංජනී, පුහුණුකරුවන් වන ජයලත් අපොන්සු, තුෂාන්ත ගුණරත්න මහත්ම මහත්මීහු එම අවස්ථාවට එක් වී සිටියහ.

සේයාරුව උදේෂ් ගුණරත්න

Comments