සෝර්බා නමැති බාබා | සිළුමිණ

සෝර්බා නමැති බාබා

කාරණා කීප­යක් නිසා මං සෝර්බාට ආද­රෙයි. ඒව­යින් එක කාර­ණ­යක් තමයි සෝර්බා තුළින් මට අපේ සීයව ආයෙ­මත් හොයා­ගන්ඩ පුළු­වන් වෙච්චි එක. ඔහු කෑමට බොහොම ලොල් කළා. කිසි කෙන­කුව විශ්වාස කෙරුවෙ නෑ. ඔහු කෑම පිළි­යෙල කෙරුවෙ තනි­යෙ­න්මයි. මගෙ ජීවිත කාලෙ මං ඉන්දි­යාවෙ පවුල් දාස් ගාණක ආරා­ධිත අමු­ත්තෙක් වෙලා ඉඳල ඇති. ඒත් ඒ කිසි තැන­කි­න්වත් අපේ සීයා උයපු කෑම තරම් රහ කෑම රස විඳල නෑ. උන්දැ කෑම උයන්ඩ කොච්චර ආස කළාද කිව්වොත් සුමා­නෙ­කට දව­සක් තමන්ගෙ යාළුවො ටික ගෙද­රට ගෙන්නල රසට කන්ඩ දුන්න. මුළු දව­සම ගෙවිල ගියේ ඉවි­ල්ලට ම තමයි.

අපේ අම්ම, නැන්දල, වැඩ­කා­රියො , උයන කට්ටිය හැමෝම කුස්සි­යෙන් එළ­වලා දාල තමයි සීය උයන්ඩ පටන් ගත්තෙ. කිසි­කෙ­නෙක් සීයගෙ ඉවි­ල්ලට බාධා කෙරුවෙ නෑ. ඒත් උන්දැ මාත් එක්ක හුඟක් යාළු හින්ද උයන හැටි බලං ඉන්ඩ මට ඉඩ දුන්න. ‘උයන්ඩ ඉගෙන ගනිං! අනුන් මත යැපෙන්ඩ එපා! තමන් විත­රයි තමන්ගෙ රහ දන්නෙ. වෙන කව්ද දන්නෙ?’ උන්දැ කිව්ව.

‘මුළු දව­සෙම ඉවිල්ල මට හරි­යන්නෑ. මට කම්මැ­ළියි. ඒත් මං බලන් ඉන්නං’ මං කිව්ව. ඒ හින්ද මං කිසි දෙයක් ඉගෙන ගත්තෙ නෑ. ඔහේ බලා­ගෙන ඉඳල විනෝද වුණා. උන්දැ උයන්නෙ හරි­යට කැට­ය­මක් කප­නව වාගෙ. සංගී­ත­කා­ර­යෙක් සංගීත නිරි­මා­ණ­යක යෙදෙ­නව වාගෙ. චිත්‍ර­කා­ර­යෙක් චිත්‍ර­යක් අඳි­නවා වාගෙ. උන්දැගෙ ඉවිල්ල කලා­වක්. උයද්දි මොකක් හරි දෙයක් උන්දැ හිතපු මට්ට­මට නාවොත් උන්දැ වහාම ඒක විසි­ක­රල දානවා. ‘ඒක හොඳ­ටම හොඳ­යිනෙ. ඇයි විසි­ක­රලා දාන්නෙ?’ මං අහ­නවා. ‘ඒක හොඳයි තමයි. ඒ වුණාට හොඳට ම හොඳ නෑ. මං හරි­ය­ටම වැඩ කරන මිනි­හෙක්. මං හිතං ඉන්න තත්ත්වෙට ආවෙ නැත්තං මං ඒක කොහො­මද කෙන­කුට කන්ඩ දෙන්නෙ? මං මගෙ කෑම­ව­ලට ආද­රෙයි’ උන්දැ කිය­නවා. උන්දැ හුඟක් බීම ජාතිත් හැදුවා. මොනව කෙරු­වත් මුළු පවුලෙ ම අය උන්දැට හර­හ­ටයි හිටියෙ. උන්දැ වද­කා­ර­යෙක් කිය­ලයි ඒ අය හිතුවෙ.

සීය ටවුමෙ ඉන්න අදේ­ව­වා­දියො ටික ගෙද­රට රැස්කර ගන්නවා. ජෛනා­ගමේ සිරි­තට විරෝ­ධය පාන්ඩ උන්දැ ඉර බහි­න­කම් බලං ඉන්නව.

ඉර බැහැල යන්ඩ කලිං කන්ඩ කිය­ලයි ජෛනා­ගමේ කියන්නෙ. ඉර බැස්සට පස්සෙ කන එකට ඉඩ නෑ. ඒ හින්ද උන්දැ ඉර බහින්ඩ කලිං කන්නෙ නෑ. ඉර බැහැ­ලද නැද්ද කියල බලන්ඩ උන්දැ සැරින් සැරේ මාව එළි­යට යව­නවා.

උන්දැ මේ වැඩෙන් මුළු පවු­ලෙම තරහ ඇවි­ස්සුව. මේ වැඩේට ගෙදර කවු­රුත් හිටියෙ කේන්ති­යෙන්. ඒත් ඒගො­ල්ලන්ගෙ කේන්තිය පිට­වුණේ මං පිටින්. ඒක ලේසි­යිනෙ.

’මොකද උඹ ඉර බැහැ­ලද නැද්ද කියල බලන්ඩ සැරින් සැරේ එළි­යට බහින්නෙ? ඔය නාකි මනු­ස්සය උඹ­වත් නරක් කර­නවා. හොඳ­ටම නරක් කර­නවා’

සෝර්බා ද ග්‍රීක් පොත මට හම්බ­වෙ­න­කොට සීය මිය ගිහින් තිබුණ හින්ද මට ලොකු කන­ගා­ටු­වක් ඇති වුණා. (සීයා මිය­ගොස් තිබුණේ ඕෂෝ මහා­චා­ර්ය­ව­ර­යකු වූ පසුයි) සීයගෙ මිනිය පුච්චද්දි මට දැනිච්ච එකම දුක තමයි ඒ පොත පරි­ව­ර්ත­නය කරල උන්දැට ඇහෙන්ඩ කිය­වන්ඩ නොලැ­බිච්ච එක. එහෙම උණා නං උන්දැ කොච්චර සන්තෝස වෙයිද කියල මට හිතුණා. මං උන්දැට ඇහෙන්ඩ හුඟක් පොත් කිය­වල තිබුණ.

උන්දැ අකුරු දැන­ගෙන හිටිය කෙනෙක් නෙමේ. අස්සන ගහන්ඩ විත­රයි දැන­ගෙන හිටියෙ. ඒත් ඒ ගැන උන්දැ හිටි­යෙත් හරි ආඩ­ම්බ­රෙන්.

‘අපේ තාත්ත මට ඉස්කෝලෙ යන්ඩ බල කරපු නැති එක හොඳයි.

එහෙම උණා නං උන්දැ මාව නාස්ති කෙරුව වෙනවා. ඔය පොත් හින්ද මිනිස්සු කොච්චර නාස්ති වෙලා තිය­න­වද? මිනිස්සු දිගට හර­හට ආගම් පොත්, ශුද්ධ ලිය­විලි කිය­ව­නවා. ඕව ඔක්කොම වැඩ­කට නැති දේවල්.

උං කිය­වද්දි මං ජීවත් වෙනවා. අත්දැ­කී­මෙන් යමක් ඉගෙන ගන්න එක තමයි හොඳ’ උන්දැ කිව්වා.

‘උං උඹව විශ්ව­වි­ද්‍යා­ලෙට යවයි. පරිස්සං වෙයං! ඔය පොත් අස්සෙ නාස්ති වෙන්ඩ එපා!’ උන්දැ මට එහෙම කියන්ඩ පුරු­දු­වෙලා හිටියා.

සීයා පුංචි දේව­ල්ව­ලින් සන්තෝස වුණා. ‘හැමෝම දෙයියො විශ්වාස කර­නවා. ඇයි බාබා ඔයා දෙයියො විශ්වාස කර­න්නැත්තෙ?’ මං ඇහුව.

‘මං බය නෑ. ඒකයි’ උන්දැ උත්තර දුන්නා.

බොහොම සරල උත්ත­ර­යක්. ‘ඇයි මං බය­වෙන්නෙ? බය වෙන්ඩ කාර­ණා­වක් නෑ. මං කිසි වර­දක් කරල නෑ. හිංසා­වක් කරල නෑ. මං මගෙ ජීවිතේ සතු­ටින් ගත කෙරුව විත­රයි.

දෙවි­යෙක් ඉන්නව නං සම­හ­ර­විට මට හම්බ වෙයි. එයාට බෑ මාත් එක්ක තරහ වෙන්ඩ. මං එයත් එක්ක තරහ වෙන්නං. “ඇයි ඔබ මේ ලෝකෙ මැව්වෙ? මේ වගෙ ලෝක­යක්!” මං එහෙම අහ­න්නන්’

මට මත­කයි සීයගෙ කඩේ. උන්දැ රෙදි වෙළෙ­න්දෙක්. උන්දැ ඒකෙං කොච්චර සතු­ටක් වින්දද කිය­නව නං ඒක අපේ පවුලෙ හැමෝ­ටම ප්‍රහේ­ලි­කා­වක් වුණා.

උන්දැ පැය ගණන් පාරි­භෝ­ගි­කයො එක්ක විහිළු කෙරුවා. යමක් වටින්නෙ රුපි­යල් දහය නං සීය ඒකට රුපි­යල් පන­හක් ඉල්ල­නවා. ඒක පිස්සු වැඩක් කියල උන්දැ දන්නවා. වැඩේ කියන්නෙ පාරි­භෝ­ගි­ක­යොත් ඒක දන්නවා.

ඒගො­ල්ලොත් දන්නව ඒක රුපි­යල් දහ­යක් වගේ ගාණක් තමයි වටින්නෙ කියලා. ඒ හින්ද ඒ අය ඒක රුපි­යල් දෙකේ ඉඳල ඉහ­ළට ඉල්ල­නවා. ඔන්න ඔහොම මහා දිග කේවල් කිරි­ල්ලක් පැය ගාණක් තිස්සෙ කෙරෙ­නවා.

ලබන සති­යට

Comments