INDIA DESIGN FORUM ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භය | සිළුමිණ

INDIA DESIGN FORUM ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භය

INDIA DESIGN FORUM (IDF) සහ IDF Singapore කොළඹ දී සිය ප්‍රථම ආකෘති නිමැවුම් කතිකාව, ගෘහනිර්මාණ ශිල්පී නැසීගිය ජෙෆ්රි බාවා මහතා සිය රාජකාරී කටයුතු කරගෙන ගිය කොළඹ කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී නව නිපැයුම් උත්පාදක, ගෘහ නිර්මාණ ශිල්පී, මෝස්තර නිර්මාණ සහ කලා අධ්‍යක්ෂක පිලිප් ස්ටැක් මහතා ඇතුළු නිර්මාණකරණයෙන් ලොවපුරා කීර්තියක් හිමිකරගත් තවත් දේශීය සහ විදේශීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් සිය දැනුම කැටිකොටගත් සුවිශේෂී සංවාද පෙළක් පැවැත්විණි. දකුණු ආසියාතික කලාපයේ ආකෘති නිර්මාණ සහ කලා නිර්මාණ ක්ෂේත්‍රයට පිලිප් ස්ටැක් මහතා දැක්වූ අනභිබවනීය දායකත්වය පසසනු වස් පුද්ගලයෙකුට සිය ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන Lifetime Achievement Award සම්මානය එම අවස්ථාවේදී IDF විසින් පිලිප් ස්ටැක් මහතාට පිරිනැමිණි.

අදහස්