අධිකරණ තීන්දුව එන තෙක් ශීලාචාරව කටයුතු කරන්න | Page 3 | සිළුමිණ

අධිකරණ තීන්දුව එන තෙක් ශීලාචාරව කටයුතු කරන්න

ශීලාචාරව කටයුතු කරනවා නම් අප කවුරුත් කළ යුත්තේ අධිකරණ තීන්දුව ලබා දෙන තෙක් සිටීම බවත් එසේම මහා ආර්ථික අවපාතයක් සමඟ යුද්ධයක් කරමින් රටට සංවර්ධනයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා යටතේ මෙරට ආර්ථිකය කඩා වැටෙන බව විපක්ෂය පැවැසීම විහිළුවක් බවත් රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා ඒසේ පැවැසුවේ පෙරේදා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ රටේ නීත්‍යනුකූල පාර්ලිමේන්තුවක් තුළ මේ කථානායවරයා සිටියොත් වන්නේ ව්‍යවස්ථාව පවා මේ ආකාරයෙන් ශබ්දයෙන් සම්මත කිරීමක් කර ගන්නා බවත්ය. ඔහුගේ පෙරහුරුව මේ වන විටත් රටම දන්නා බවත් ඔහුගේ දුෂ්ට ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලු දෙනා එක් වී මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බවත් ය.

එහිදි අදහස් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්. බී. දිසානයක මහතා, පාර්ලිමේන්තුව තවමත් රැස් වෙන්නේ නීති විරෝධි ලෙස බවත් එය එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ රැස්වීමක් පමණක් බවත්ය.

නව ආණ්ඩුවක් පත්වූ විට කථානායකවරයා කළ යුත්තේ එය පිළිගෙන තේරීම් කමිටුවක් පත් කර කාරක සභා පිහිටුවා පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙන යෑම බවත්, ඒ නිසා අද ඇති වී තිබෙන ගැටලුවට හේතුව ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ක්‍රියාකලාපය නොව කරුණාරත්න ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය බවත් ඔහුට අවශ්‍ය වි ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂකයා වීමට බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය.

Comments