HUAWEI Mate 20 මාදිලි පෙළ ශ්‍රී ලංකාවට | සිළුමිණ

HUAWEI Mate 20 මාදිලි පෙළ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන HUAWEI, ලොව ජංගම දුරකථන කර්මාන්තය පෙරළියකට ලක් කළ සිය Mate 20 මාදිලි පෙළ පසුගියදා උත්කර්ෂවත් ලෙස මෙරටට හඳුන්වා දුන්නේය. HUAWEI මෙරට ප්‍රධානී පීටර් ලියු, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ජගත් පෙරේරා සහ ඩයලොග් ආසියාටා සමාගමේ උපාංග ව්‍යාපාර ප්‍රධානී, ජංගම විදුලි සංදේශන අංශයේ සමූහ ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී අයෝමාල් ගුණසේකර, මොබිටෙල් සමාගමේ දත්ත, උපාංග සහ ව්‍යවසාය ක්‍රමෝපාය අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර යසිරු අබේගුණවර්ධන මෙන්ම අලෙවි නියෝජිතයන් සහ තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම උළෙලට සහභාගී වූහ. වෘත්තීය මලල ක්‍රීඩක දිනේෂ් දෙහෙරගොඩ සහ ආයතනික ප්‍රධානියෙකු මෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු ද වන ආචාර්ය විකුම් සේනානායක යන මහත්වරු ද මේ සඳහා සහභාගී වී සිටියහ.

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය පෙරළිකාර වෙනසකට ලක් කළ HUAWEI Mate 20 මාදිලි පෙළ මෙරට ජනතාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. උසස් බුද්ධිමය තාක්ෂණයෙන්, අසමසම බැටරි කාලයකින් සහ තාක්ෂණයෙන් අනූන කැමරා පද්ධතියකින් යුතු මෙම මාදිලි පෙළ පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරවන සහකරුවෙකු ලෙස ගොඩනගා තිබෙනවා යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ HUAWEI සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේය.

අදහස්