මුහුදට වැටී ධීවරයෙකු අතුරුදන් | සිළුමිණ

මුහුදට වැටී ධීවරයෙකු අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්වී ඇති බව වාර්තාවේ.

තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ පසුගිය 10 වනදා ධීවර කටයුතු සඳහා මොහු පිටව ගොස් ඇත්තේ සුබපැතුම් - 4 බහුදින යාත්‍රාවෙනි.

ධීවර කටයුතුවල නිරතවීමෙන් පසු නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී මොහු ශරීර කෘත්‍යයක් සඳහා යාත්‍රාවේ එක් කෙළවරකට පැමිණි අවස්ථාවේදී මෙලෙස මුහුදට වැටී අතුරුදන්වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ධීවර යාත්‍රාව හිමි පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇති අතර, මෙලෙස අතුරුදන්වී ඇත්තේ 18 හැවිරිදි බේරුවල - බුබුලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Comments