පාර්ලිමේන්තුව කල් තබයි - UPDATE | සිළුමිණ

පාර්ලිමේන්තුව කල් තබයි - UPDATE

අද(19) පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දෙන ලෙස ද පැවසීය.

ඒ අනුව අද දිනයේ වැඩකටයුතු අවසන් කරමින් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තබන ලදී.

පාර්ලිමේන්තුව පස්වරු 01ට

සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව අද(19) රැස්වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.

සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු වරට පාර්ලිමේන්තුව රැස් වූ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබීය.

මේ අතපාර්ලිමේන්තුවර පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

Comments