IFS ශ්‍රී ලංකාවේ විසි එක් වසරක් සපුරයි | සිළුමිණ

IFS ශ්‍රී ලංකාවේ විසි එක් වසරක් සපුරයි

අන්තර්ජාතික ව්‍යාපාර මෘදුකාංග සමාගමක් වන IFS මේ වනවිට ශ්‍රී ලංකාවේ විසි එක් වසරක ව්‍යාපාරික මෙහෙයුම් කාලයක් සපුරා තිබේ. 1997 වසරේදී මෙරට තුළ මෙහෙයුම් ස්ථාපිත කරන අතර මේ වන විට කාර්යාල දෙකක් දැනට කොළඹ සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටා ඇති බැවින් එම කාර්යාල වල 1,100 කට අධික පිරිසක් සේවය කරති.

මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් පසුගිය නොවැම්බර් 09 වන දින ගාලූ මුවදොර හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සමාගම කටයුතු කළ අතර එහිදී ඔවුන් මෙතෙක් පැමිණි ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථාන සම්බන්ධයෙන් විස්තර කරන ලදි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 120 කට අධික සංඛ්‍යාවක් දැනටමත් IFS මෘදුකාංග භාවිතා කරයි. නිෂ්පාදන කටයුතු, බෙදාහැරීම්, වත්කම් පවත්වා ගැනීම් සහ සේවා කටයුතු කළමනාකරණය වැනි විවිධ අංශ සඳහා එම මෘදුකාංග භාවිතා වන අතර ඒවායේ සාර්ථකත්වය ඔස්සේ සමාගම මේ වනවිට ලොව විශ්වාසය දිනූ මෘදුකාංග සැපයුම්කරුවෙකු බවට පත්වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් IFS සමාගමේ කලාපීය සභාපති (ආසියා පැසිෆික්, ජපානය, මැද පෙරදිග සහ අප්‍රිකාව) ස්ටීවන් කීස් මහතා මෙසේ පැවසී ය. පහසුවෙන් භාවිතා කළ හැකි, වේගවත් ව්‍යාපාරික මෘදුකාංග සම්බන්ධයෙන් IFS සමාගම දීර්ඝ කාලයක පටන් කීර්තියක් දිනා සිටිනවා. ශ්‍රී ලංකාව තුළ වසර 21 ක කාලයක් පුරා සේවය ලබා දීම අපගේ සාර්ථකත්වයට මනා සාක්ෂියක්. ශ්‍රී ලංකාව යනු අපගේ කලාපීය සහ ගෝලීය ව්‍යාපාර කටයුතු සඳහා ඛෙහෙවින් වැදගත් වන දැනුම සහ කුසලතා පවතින රටක් බව අපගේ විශ්වාසයයි. දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද අප කටයුතු කර තිඛෙනවා. මෙය අපගේ කාර්ය මණ්ඩලය, සමාගම, පාරිභෝගිකයන් සහ ප්‍රජාව අතර සහසම්බන්ධය ශක්තිමත් වීමට දැඩි ලෙස බලපා තිඛෙන බව කියන්නට පුළුවන්.

IFS සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පර්යේෂණ හා සංවර්ධන) තෝමස් සාල්ඩ් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. නිෂ්පාදන කටයුතු, බෙදාහැරීම්, වත්කම් පවත්වා ගැනීම් සහ සේවා කටයුතු කළමනාකරණය වැනි විවිධ අංශවල නියුතු සමාගම් වෙනුවෙන් අප මෘදුකාංග නිර්මාණය කිරීම, අලෙවි කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහය සේවාවන් ලබාදීම සිදුකරනවා. ශ්‍රී ලංකාව තුළ සිදුකරන ව්‍යාපාරික කටයුතු නොතිබුණා නම් අපට මේ සාර්ථකත්වය ළඟා කරගැනීමට හැකියාව ලැඛෙන්නේ නැහැ. අපගේ මෙහෙයුම් මධ්‍යස්ථාන අතරින් විශාලම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවයි. 1,000 කට අධික පිරිසක් මෙහි සේවයේ යෙදී සිටින අතර මෘදුකාංග නිර්මාණ කටයුතු වලින් 60% ක් පමණත්, සහය සේවා වලින් 80% ක් පමණත් ශ්‍රී ලංකාව තුළදී සිදුවනවා. උදාහරණයක් ලෙස මේ වසර මුලදී හඳුන්වා දුන් IFS Applications 10 මෘදුකාංගයේ නිර්මාණ කටයුතු වැඩි වශයෙන් සිදුවූයේ ශ්‍රී ලංකාව තුළයි. නව තාක්ෂණයන් හා ප්‍රවණතා අධ්‍යයනය කරන IFS Labs ඒකකයේ මෙහෙයුම් කටයුතු රැසකුත් ශ්‍රී ලංකාව තුළදී සිදුවනවා. මේ වනවිට අපගේ වැඩි අවධානයක් යොමුවී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය සම්බන්ධයෙනුයි. ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිදුකරන ආයෝජන තවතවත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.

චන්දිමා එදිරිමාන්න
ඡායාරූපය - සුදත් මලවීර

Comments