මල්ටිලැක් ඊයම් විෂ වැළැක්වීමේ සතිය දෙහිඅත්තකණ්ඩියේදී | සිළුමිණ

මල්ටිලැක් ඊයම් විෂ වැළැක්වීමේ සතිය දෙහිඅත්තකණ්ඩියේදී

මැක්සන්ස් හෝල්ඩින්ග්ස් සමාගම ඉදිරිපත් කරන මෙරට ජනප්‍රියම තීන්ත සන්නාමය වන මල්ටිලැක් ජාත්‍යන්තර ඊයම් විෂ වැළැක්වීමේ සතිය (ILPPW) සඳහා මෙරටදී එක්විය. මෙම ඊයම් විෂ වැළැක්වීමේ සතිය සංවිධානය කෙරෙන්නේ, ඊයම් විෂවීම්වලින් තොර ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන් ඒ ඒ සංවිධාන හා ආයතනවලට අවධානය යොමුකිරීම සඳහා අවස්ථාව සැලසීම අරමුණු කරගනිමිනි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා මල්ටිලැක් අඛණ්ඩව එක්වූ තුන්වැනි අවස්ථාව මෙය විය. මේ වසරේදී එහි තේමාව වී තිබුණේ ඊයම් සහිත තීන්ත තහනම් කිරීම සඳහා තනි පුද්ගල මට්ටමින්, සිවිල් සංවිධාන මට්ටමින්, කර්මාන්ත මට්ටමින් හා රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමේ අවශ්‍යතාව යයි.

“අද වන විට අප රටේ ක්‍රියාත්මක බහුජාතික සමාගම් රැසක්ම අපගේ ස්ථාවරය පිළිගනිමින් ඊයම් සුරක්ෂිතතාව සහිත තීන්ත වර්ග නිෂ්පාදනය කිරීමේ සහතික ලබාගනිමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ ඊයම් සුරක්ෂිතතාව සහිත තීන්ත පළමුවෙන්ම නිෂ්පාදනය කළේ මල්ටිලැක් සමාගමයි. ඒ වගේම මුළු දකුණු ආසියාවෙන්ම සෞඛ්‍යාරක්ෂිත තීන්ත වර්ගයක් ලෙසIPEN America සහතිකය ලබාගත් තීන්ත නිෂ්පාදනයත් මල්ටිලැක්.මෙම වටිනා සහතිකය හිමිකරගත් ගෝලීය සමාගම් තුනෙන් එකක් බවට පත්වීමට හැකිවීම අපගේ සුවිශේෂී ජයග්‍රහණයක්. මේ අයුරින් දකුණු ආසියානු කලාපය තුළ තීන්ත නිෂ්පාදනයේ පෙරගමන්කරුවෙකු වීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත්වෙනවා. අනෙක් තීන්ත සමාගම් අපගේ ආදර්ශය අනුගමනය කරනු ඇතැයිද අපි අපේක්ෂා කරනවා” යනුවෙන් මැක්සන්ස් පේන්ට්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉස්මයිල් හුසේන් මහතා පැවසීය.

මල්ටිලැක් සංවිධානය කළ මේ වසරේ ඊයම් විෂ වැළැක්වීමේ සතිය පැවැත්වුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී ය.

එසේ දෙහිඅත්තකණ්ඩිය තෝරාගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ එය ඉහළ ඊයම් සංසරණයක් සහිත ප්‍රදේශයක් ලෙස ජාතික තලයේ සංවිධානයක්වන පරිසරසාධාරණත්වය පිළිබඳ මධ්‍යස්ථානය විසින් හඳුනාගනු ලැබීම ය. ඒ අනුව එම ප්‍රදේශයේ පෙර පාසල් 15ක් සඳහා මල්ටිලැක් තීන්ත පිරිනැමුණේ, දරුවන් සඳහා සුරක්ෂිත වටපිටාවක් ගොඩනැගීමේදී ඊයම් සුරක්ෂිතතාව සහිත තීන්ත භාවිත කිරීමේ වටිනාකම අවබෝධ කරවමිනි.

අදහස්