ට්‍රිලියම් හෝටලය සුවිශේෂ සේවා එළිදක්වයි | සිළුමිණ

ට්‍රිලියම් හෝටලය සුවිශේෂ සේවා එළිදක්වයි

කොළඔ 07 ටොරින්ටන් ඇවනියු හි නොබෝදා විවෘත කෙරුණු සුඛෝපභෝගී ට්‍රිලියම් නාගරික හෝටලය රසවත් භෝජනයක අත්දැකීම විදීම සදහා නව යුගයක් උදා කරමින් එහි ප්‍රධාන ආහාර පාන වට්ටෝරු නොබෝදා එළිදැක්වීය. මැසනයින් මහලෙහි පිහිටි Mezza9 භෝජනාගාරයේදී සාමාන්‍ය සලාදවල සිට විවිධාකාරයෙන් රසවත් ලෙස සැකසූ මාංශ වර්ග, මුහුදු ආහාර, කුකුළු මස් ආදියෙන් පරිපූර්ණ වන අතර මේ සියල්ල ඉතාමත්ම රසයක් ගෙනදෙන උසස් තත්වයේ කුළුබඩු හා රසද්‍රව්‍ය සංකලනවලින් මනාව සකසා පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. කොළඹ නගරයේ දර්ශනීයභාවය දෙනෙතින් දැකගැනීමට හැකි පරිදි පිහිටා ඇති, The Church Lounge and Bar මගින් ඉහළම මහලේ පිහිටි පිහිනුම් තටාකයට ප්‍රවේශයක් ඇත.ජින්, වොඩ්කා, විස්කි වර්ග ඇතුළු විවිධ පාන වර්ග රසබලමින් ඇට වර්ග විකමින් වේලාව ගතකිරීමට එය ප්‍රිය කරන පිරිසට අවස්ථාව ලැබේ.

ට්‍රිලියන් හොටෙල් සමාගමේ සභාපති ජානක රත්නායක මහතා එම සමාගමේ ආහාර හා පාන වර්ග පිළිබද තුන් වැදෑරුම් ක්‍රමවේදයක් පිරිනමා තිබේ. ,ලෝකයේ නන් දෙසින් ලබාගත් ඉතාමත් ඉහළ තත්වයේ ප්‍රෝටීන, එළවුළු, රසවර්ග සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා සිත් ඇදගන්නා ලෙස නිම කළ විශාල ප්‍රමාණයකින් සපයන අතර එමගින් පාරිභෝගිකයින්ට මුදලට අගයක් ලැඛෙයි. ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපීය රටවලින් අප කුකුළු මස් ඇතුලූ මස් වර්ග අවශ්‍යතා සපුරා ගන්නා අතර මුහුදු ආහාර ලබාගන්නේ ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ඒ ශ්‍රේණියේ සැපයුම්කරුවන්ගෙනි. එමෙන්ම විශේෂයෙන් කුළුබඩු, පලාවර්ග, තුනපහ රසය උද්දීප්ත කරන තෙල් වර්ග, ලූනු ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් විශේෂයෙන් තෝරා ගත් ඒවා වේ.

ඡායාරූපය-චමින්ද නිරෝෂණ

අදහස්