‘සුපිරි වීරයන්ගේ පියා’ ස්ටෑන් ලී ලොවෙන් සමු ගනී | සිළුමිණ

‘සුපිරි වීරයන්ගේ පියා’ ස්ටෑන් ලී ලොවෙන් සමු ගනී

කොමික් සහ චිත්‍රපට නිෂ්පාදනය කරන Marvel සමාගමේ වීර චරිත මැවූවන් අතරින්, සැබෑ ලොවට ගෞරවණීය චරිතයක්වූ ස්ටෑන් ලී 95 වැනි වියෙහිදී අභාවප්‍රාප්ත වුණා. ස්පයිඩර්මෑන්, එක්ස් මෙන්, සහ ඉන්ක්‍රෙඩිබල් හල්ක් සහ අයන් මෑන් වැනි ලොවම පෙම් බැඳි වීරයන් ඔහු අතින් නිමැවුණා. කොමික් රචකයකු, සංස්කාරකයකු මෙන්ම ප්‍රකාශකයකු වූ ඔහු මාවල් සමාගමේ ප්‍රධාන සංස්කාරක වශයෙන්, ප්‍රකාශකයා වශයෙන් කටයුතු කළ අතර එම ආයතනයේ මුල් පුටුව ද හෙබවූවා. ඉන් විශ්‍රාම ගත්ත ද මරණය දක්වාම ඔහුගේ දායකත්වය ආයතනයට ලැබුණේ චිත්‍රපටවල කුඩා කොටස් හෙවත් ‘කැමියෝ’වලට පෙනී සීටීම්ද ඇතුළුවයි. “අපිට හොඳ නිර්මාණශීලී බුද්ධිමතෙක් අහිමි වුණා” වෝල්වරීන්ට රඟපෑ හියුජ් ජැක්මන් ට්වීට් කළා.

Comments