චාල්ස්ගේ 70 වැනි උපන්දිනය දාඔහු ගැන කරුණු 70ක් මාධ්‍යයට | සිළුමිණ

චාල්ස්ගේ 70 වැනි උපන්දිනය දාඔහු ගැන කරුණු 70ක් මාධ්‍යයට

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ 70 වැනි උපන් දිනය පසුගිය 14වැනිදාට යෙදී තිබිණ. කැමිලා පාකර් සහ චාර්ල්ස් කුමරුගේ දරු මුණුබුරන් සමඟ චාර්ල්ස් කුමරු, පෙනී සිටින ඡායාරූපයක් උපන් දිනය නිමිති කරගෙන ක්ලැරන්ස් මාලිගය මාධ්‍යයට නිකුත් කර තිබිණ. මේ ඡායාරූපයේ පිරිස අතුරෙන් ලෝ පුරා වැඩිදෙනෙකුගේ අවධානයට ලක් වුණේ කේට් කුමරිය අත සිටින සය මස් වියැති ලුවිස් කුමරු ය. 1982දී ගන්නා ලද ඡායාරූපයකින් පිළිබිඹු වන කේට් කුමරියගේ ස්වරූපයත්, ලුවිස් කුමරුගේ වත්මන් ස්වරූපයත් සසඳන්නට බොහෝ මාධ්‍ය ආයතන උත්සාහ ගෙන තිබිණ. කුමරුගේ හිස කෙස් සහ ඇස්, කේට් කුමරිය බිළිඳු අවධියේ හිස කෙස් සහ ඇස්වල ස්වභාවයට සමාන බව ඇතැමෙක් පවසති.

මේ අතර බකින්ග්හැම් මාලිගය, චාර්ල්ස් කුමරුගේ උපන් දිනය නිමිති කරගෙන අපූරු සටහනක් නිකුත් කර තිබිණ. ඒ සටහනෙන් දැක්වෙන්නේ චාර්ල්ස් කුමරු සම්බන්ධ ප්‍රකට සහ අප්‍රකට කාරණා හැත්තෑවකි. එහි සඳහන් ආකාරයට චාර්ල්ස් කුමරුගේ නමින් ගෙම්බෙකුත් නම් කර ඇත. ගෙම්බාට තබා තිබෙන්නේ "හයිලොස්සර්ටුස් ප්‍රින්ස්චාර්ලෙසි" (Hyloscirtus Princecherlesi) හෙවත් "චාර්ල්ස් කුමරු තේජාන්විත ගස් ගෙම්බා" (Prince Charles Magnificent Tree Frog) යන නාමය බව එම විස්තරයෙන් කියැවේ.

Comments