ගජ ඉන්දියාවට මාරුවෙයි | Page 2 | සිළුමිණ

ගජ ඉන්දියාවට මාරුවෙයි

ගජ චණ්ඩ මාරුතයෙන් ඉන්දියාවට බලපෑම් එල්ල වී තිබේ. චෙන්නායි ඇතුළු නගරවලට දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

බෙංගාල බොක්ක ආශ‍්‍රිත කලාපයේ සිට එම තත්ත්වය වර්ධනය විය. ඉදිරි පැය 24 තුළ වැඩි බලපෑම් එල්ල විය හැකි බව ඉන්දීය කාලගුණ වාර්තා සඳහන් කර තිබේ.

සුළඟේ වේඟය පැයට කිලෝ මීටර් 90කි. එය පැයට කිලෝ මීටර් 110 දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවති.

ඉදිරි දින කිහිපය තුළ ධීවර කටයුතුවලින් වළකින ලෙසටත් ඉන්දීය බලධාරින් එරට ධිවරයන්ට දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ. මුහුදු රළ පිළිබඳව වෙරළ ආශ‍්‍රිත ජනතාව දැනුවත් කර තිබේ.

Comments