සෝනි OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක් | සිළුමිණ

සෝනි OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක්

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, සෝනි ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක් හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම රූපවාහිනී හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර එහිදී MASTER කාණ්ඩය යටතේ A9F සහ Z9F නවතම සෝනි රූපවාහිනි මාදිලි හඳුන්වාදීම සිදුකෙරිණ.

සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා, අළෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා, වෙළඳ කලමණාකරු පියුම් ජයතිලක මහතා, සිංගර් ශ්‍රී ලංකා සන්නාම කළමණකාරු තාරක වර්ණකුලසූරිය යන මහත්වරුන් මෙන්ම සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග්, සෝනි අග්නිදිග ආසියා කලාපීයානූ අලෙවිකරණ ප්‍රධානී ජෙරමි හෙන්ග් සහ සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ වෙළඳ ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු එක්ව සිටියහ.

වඩා සුපැහැදිලි තීව්‍ර, වර්ණ සහිත මෙම A8F සහ X9000F මාදිලියේ රූපවාහිනී 4K HDR රූප ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. 2017 වසරේදී BRAVIA සන්නාමය යටතේ සෝනි විසින් 4K HDR OLED TV රූපවාහිනී මාදිලිය හදුන්වා දුන් අතර එය වැඩිදියුණු කරමින් BRAVIA OLED යටතේ කැපී පෙනෙන පෙනුමකින් යුක්ත නවතම OLED TV හඳුන්වා දෙන ලදී. සෝනි හි ආවේණික 4K HDR picture processor-X1 Extreme පහසුකම සහිත නව A8F මාදිලිය උසස් තත්වයේ රූප පමණක් නොව වඩා සුපැහැදිලි, ශබ්දයකින් ද යුක්ත වෙයි.

අදහස්