විදෙස් මැදිහත් වීමකට ටීඑන්ඒ අරඅඳී? | සිළුමිණ

විදෙස් මැදිහත් වීමකට ටීඑන්ඒ අරඅඳී?

ශ්‍රී ලංකාවේ අද පවත්නා තත්ත්වය යටතේ මේ දේශපාලන ගැටලුව තවදුරටත් දිග්ගැස්සෙන්නේ නම් ප්‍රබල රටවල් සමඟ සම්බන්ධතා ඇති කරගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැවරීම ඇතුළු දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට සිදු වනු ඇතැයි ටීඑන්ඒ මහලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු එ් ප්‍රකාශය සිදු කර ඇත්තේ උතුරු-නැඟෙනහිර පළාත් ඒකාබද්ධ නොකරන බවට සහ ෆෙඩරල් පාලනයකට ඉඩ නොතබන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

වීරකේසරී පුවත්පතේ එම් නිව්ටන් මාධ්‍යවේදියාට ලබා දුන් පුවත්පත් සාක්ච්ඡාවකදී එ් අදහස් ප්‍රකාශ කළ ටීඑන්ඒ මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ, මේ දේශපාලන ව්‍යාකුලත්වය සහ දෙමළ ගැටලුව සම්බන්ධයෙන් වාර්ගික විසඳුමක් ලබාගැනීම සහ නිදහස ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති බවයි.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන කරුණු ඉදිරියට ගෙන ආ බවත්, විදේශ ආධාර සහ විවිධ ව්‍යාපෘති මඟින් යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසූ බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

 

Comments