ජනාධිපතිවරයා ගෙන ඇත්තේ රට ගැන සිතා නිවැරදි තීරණයක් | සිළුමිණ

ජනාධිපතිවරයා ගෙන ඇත්තේ රට ගැන සිතා නිවැරදි තීරණයක්

වර්තමානයේ සිදු වී ඇති මේ බල පෙරළිය මේ ආකාරයෙන් සිදු වෙතැයි ඔබ අපේක්ෂා කළාද?

වෙසක් පෝය තුනක් ලබන්නට පෙර මේ බල පෙරළිය සිදුවුණා. පළමු අවස්ථාවේම එක්සත් ජාතික පක්ෂයෙන් රට බේරාගත යුතුය යන ස්ථාවරයේ හිටියා. මක්නිසාද යත් සභාග රජය ඇති වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසකුත් එක්සත් ජාතික පක්ෂයත් එකතු ‍වීමෙන් .

එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්වරයා වන මහින්ද අමරවීර ඇමැතිවරයා විසින් සභාග රජයෙන් ඉවත් වන බව පසුගිය 26 වැනි දින දැනුම් දුන් පසු ඒ සභාග රජය අවසන් වුණා.

ජනාධිපතිවරයා ගනු ලැබුවේ ඉතා අසීරු සහ අභියෝගාත්මක තීන්දුවක් බව දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් පරිණත දේශපාලනඥයකු වන ඔබගේ අදහස?

ජනාධිපතිවරයා රට පැත්තේ කකුල් දෙකම තබාගෙන ගත් තීරණයක්. මේ අසීරු තීරණයෙන් අන්තර්ජාතික කුමන්ත්‍රණ, අන්තර්ජාතික බලපෑම් සියල්ල පැරැදුණා. මේ නිර්භීත පියවර රට වෙනුවෙන් පමණක් නොව හෙට උපදින පරම්පරාව වෙනුවෙන් හිතලා ගත් තීරණයක්. තිබුණු ආණ්ඩුව දිගටම පැවතුණොත් රටට විය හැකි දැවැන්ත හානිය ජනාධිපතිවරයා කලින්ම අවබෝධ කරගත්තා.

කථානායකවරයා මේ හැසිරෙන ආකාරය අනුව අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ අය හිතුවක්කාර ලෙස අධිකරණයත් නොමඟ යවලා පාර්ලිමේන්තුවත් නොමඟ යවලා රටට අහිතකර වූ ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බව. එය බටහිර රටවල අවශ්‍යතාව මත ගේන ව්‍යවස්ථාවක් විනා රටට හිතකර ව්‍යවස්ථාවක් නොවෙයි

උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරලා පෙඩරල් රාජ්‍යයක් ඇති කරන ව්‍යවස්ථාව 2019 වසරේදී සම්මත කරගත්තා නම් ඒ මඟින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නොලැබෙනවා විතරක් නොවෙයි මේ රටේ ජාතික සාමය සංහිඳියාව සම්පුර්ණයෙන් කඩා වැටිලා ජනවර්ග අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩ මතුවෙන්නට තිබුණා.

රටේ ජාතික සංහිඳියාව ඇති කිරීම සදහා වර්තමාන රජය ගන්නා පියවර මොනවාද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස මේ ර‍ටේ ජනතාව වන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජනයා බයෙන් සැකෙන් තොරව සමඟියෙන් ජීවත්වීමට සහ ජීවන උපාය සලසා ගන්නට නිදහස තිබිය යුතුයි යන්නයි. ඒ අයිතිය නැතිවන අහිතකර සහ බෙදුම්වාදයට උඩගෙඩි දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකි වුණා. අනෙක් කාරණාව 2019 ජනවාරි මාසය වන විට පාඨලි චම්පික රණවක මහතා කොළඹ නගරයේ ඇති සියලුම රජය සතු ඉඩම් ප්‍රසිද්ධ වෙන්දේසියේ විජාතිකයන්ට විකුණන්නට දැන්වීම් පළ කරලා තිබුණා. මිල ගණන් කැඳවලයි තිබුණේ. මේ මහ

පොළොවත් එක්ක විකුණුවාට පස්සේ ‍එය අයේ උපනූපන් කිසිදු දරුවෙකුට ලැබෙන්නේ නැහැ. මේ ඉඩම් විකුණන්නේ සිල්ලරට නෙමෙයි තොග වශයෙන්.

මේ ජාතික දේපොළ වස්තුව වත්කම් විජාතිකකරණය කරගන්නට අවශ්‍යතාව මතු වෙලා තිබුණා. ඒ වගේම සිංගප්පුරු වෙළඳ ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් වළක්වා ගන්න පුළුවන් වුණා. අධික ලෙස පනවන ලද බදුවලින් පීඩනයට ලක්වු ජනතාව එයින් ගලවාගන්න පුළුවන්කම ඇතිවෙනවා. ජාතික වශයෙන් එය වැදගත් වෙනවා. තවත් කාරණාවක් නම් දිගින් දිගටම සිදු වුණ රණවිරු දඩයම නතර කිරීමේ අවශ්‍යතාව මතු වෙලා තිබුණා.

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කොට තිබියදීත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අග්‍ර‍ාමාත්‍යවරයා සඳහන් කරනවා ඔහු තවමත් මේ ‍රටේ අගමැතිවරයා බව?

ඔව්, එහෙම ඕන කෙනෙකුට කියන්න පුළුවන්. එහෙත් ජනාධිපතිවරයා රජය ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය විසින් සහ මේ රටේ ජනතාව එතුමා අගමැති බව පිළිගන්නට ඕන. අද වන විට මේ රටේ අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව රටේ ජනතාව පිළිගෙන ති‍ෙයනවා. තමන් අගමැති කියලා කියන්න පුළුවන් ඕන කෙනකුට. සමහර බෙහෙත් තෙල් වෙළෙන්ඳෝ ප්‍රසිද්ධ නගර වල තියන ගස් යට ඉඳගෙන බෙහෙත් තෙල් කුප්පි ටිකක් තියාගෙන මම තමයි සියලුම‍ තෛල රාජයන්ට ලෝකෙ ඉන්න බෙහෙත් තෙල් සම්බන්ධ අගමැති කියලා කියනවා වගේ වැඩක් මේක. මමයි අගමැතිවරයා කියල කියනවා ඒත් කවුද පිළිගන්නේ .

ව්‍යවස්ථානුකූල නොවන අගමැතිවරයෙක් දැන් එතුමා. ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ රටේ ජනතාව පිළිගන්නේ නැති නම් කොහොමද අගමැති වෙන්නේ.

රටක ජාතික ආරක්ෂාව භාරව ඉන්න පොලිස්පතිවරයා ත්‍රිවිධ හමුදාව මේ රටේ නීතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන කිසිදු කෙනෙක් එතුමාගේ නියෝග ක්‍රියාත්මක කරන්නේ නැතිනම් එතුමා අගමැතිවරයා කියල පිළිගන්නේ නැති නම් කොහොමද එතුමා අගමැතිවරයා වෙන්නේ.

හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා දෙන නියෝග ත්‍රිවිධ හමුදාව පොලිසිය පිළිගන්නේ නැති නම් අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය අහෝසි කියල එතුමා පිළිගන්නට ඕන.

කිසිදු රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා නියෝග කරලා යමක් කරන්න කියලා කියන්න බැහැනේ. ඒ අයව අද පිළිගන්නේ නැහැනේ. රටේ ජනයා පිළිඅරන් තියනවා ඒ අය අද වන විට නිත්‍යනුකූල නැහැ කියලා.

මේ ගැටලුව නිරාකරණය කරගැනීමට 14 වැනි දා දක්වා සිටිය යුතුද?

නිරාකරණය කරන්න ගැටලුවක් නැහැ. කැබිනට් මණ්ඩලය දිව්රුම් දිලා ඉවර වෙලා නිවිසැනසිල්ලේ පාර්ලිමේන්තුව රැස්වෙලා අනෙකුත් කටයුතු සිදු කරනවා.

පාර්ලිමේන්තුව කල් තැබීම නීතිවිරෝධි බව එජාපය පවසනවා?

පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් කෑගහන්නේ දේශපාලනය දන්නේ නැති අයයි. පාර්ලිමේන්තුව කල් දැමීම සම්බන්ධයෙන් කතා කරන්නේ ඒ ගැන නොදන්නා අයයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බුද්ධිමත් ඇමැතිවරුන් වූ ගාමිණි දිසානයක ලලිත් ඇතුළත්මුදලි මහත්වරුන් දෝෂාභියෝගයක් ගෙනාවා.

‍ඒ දෝෂාභියෝගය කථානායකවරයාට භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මාස තුනකට කල් තැබුවා. ජනාධිපතිවරයා කළ ඒ කල්තැබීමට විරුද්ධව අපි රට පුරා හැම ගමකම හැම දිස්ත්‍රික්කම මහ රැස්වීම් පැවැත්වුවා. ආණ්ඩුවට විරුද්ධව මේ සියලු උද්ඝෝෂණ මහජන රැලි අවසානයේදී නැවතත් රණසිංහ ජනාධිපතිවරයා ශක්තිමත්ව නැඟී සිටියා. එතුමා ඝාතනය කරන තෙක් දෝෂාභියෝගය ජයගෙන ජනාධිපති ධුරයේ කටයුතු කරමින් ආණ්ඩුව පවත්වාගෙන ගියා.

සමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාව‍ාරයක් කැඳවීමේදි අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද

නව සභාවාරයක් කැඳවීමේ දී ජනාධිපතිවරය න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තුව අමතලා පිටව යනවා. පාර්ලිමේන්තුව ඊළඟ අදාළ දිනයට කල් තැ‍බෙනවා. මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අනෙකුත් නිලධාරීන් හොඳින් දන්නවා.

අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීම එදිනට සිදුවන්නේ නැතිද?

ඡන්දය පළ කිරීමක් එදින සිදුවන්නේ නැහැ.

මේ තත්ත්වය තුළ නව අගමැතිවරයාට අභියෝග කළ හැක්කේ කෙසේද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නට එජාපයට පුළුවන්. ඒ ‍යෝජනාව ගෙන ආ සැණින් ඡන්ද විමසලා පරාජය කරන්න අපට පුළුවන්.

ඔබට මේ ඇමැති ධුරයත් සමග ලොකු කාර්යය භාරයක් පැවැරී‍ තිබෙනවා මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ?

මම හිතනවා මේ රටේ ජනතාව සහ මේ රටේ සම්පත් පිළිබඳ දැඩි විශ්වාසයක් තබාගෙන, විජාතිකයන්ට ලබාදෙන සියලු රාජ්‍ය බදු සහන ස්වජාතිකයන්ට ලබාදුන්නොත් අපේ රටේ අපනයන ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියලා‍. භාණ්ඩ විවිධාංගීකරණයක් වෙළඳ පොළ විවිධාංගිකරණයක් වෙළඳපොළ නවිකරණයක් ඇති කරලා නිද්‍රාශිලි ලෙස වර්ධනය වන ‍අපනයන වර්ධනය කරන වැඩ පිළිවෙළක් සකස් කිරීමට රැඩිකල් වැඩපිළිවෙතක් ඇති කිරීමට කටයුතු කරනවා.

ආනනයන කිරිම්වලදී ඇතැම් භාණ්ඩ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගේනවා. ජාවාරම් කිරීමටයි මේ ආකාරයට ආනනයනය කළේ. පසුගිය කාලයේ සිදු වුණ ඒ ජාවාරම්කාර ආර්ථිකය නවත්වා ගන්න අපි බලා‍පෙ‍ාරොත්තු වෙනවා. රටට අහිතකර ගිවිසුම්වලදී මේ රටේ වෘත්තිකයන්ගේ බුද්ධිමතුන්ගේ මතයට කන් දීලා එවායේ ඇති විය යුතු සංශෝධන කරන්න බලාපොරොත්තු ව‍නවා . ආ‍යෝජකයන් ගෙන්වා ඔවුන් පෙලඹවීමට ලංකා ඉතිහාසයේ නොවු විශාල බදු සහන හෝ ආයෝජනයට කිරීමට පෙලඹවීම් සදහා සහන ලබාදීමට විශාල ප්‍රමාණයේ වැඩපිළිවෙළක් ඉදිරියේදි කිරීමට බලාපොරොත්තු වනවා.

ඉදිරි අයවැය සහනයක් ලෙසින් තායිලන්තය වියට්නාමය වැනි රටවල් වල මෙන් විශාල ගම්මට්ටමේ බිම් මට්ටමේ මිනිසුන්ට අපනයන ප්‍රවර්ධනයට අදාළ අපනයන ගම්මාන වැඩපිළිවෙළක් සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශ විනිමය ඉපැයුම් සහ විනිමය ආයෝජන රට තුළට ගෙන ඒමටත් අපනයන වැඩි කිරිමටත් කටයුතු කරනවා. මේ වන විට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ සියලු දේ ලබා දී තියෙනවා.

විදේශිය රටවල සේවය කරන ශ්‍රිලාංකික සේවකයන් සහ විදේශ මුදල් මෙරටට එවීමේදි මංගල සමරවීර මහතා අය කරගත් සියයට දහයක බද්ද අහෝසි කළා. ‍අපි මේ වන විටත් එන්. ආර්.එෆ්.සී වල මුදල් තැන්පත් කර ති‍බීමේදි පොලියට මුදල් අය කළේ නැහැ. මංගල හිටපු ඇමැතිවරයා පොලියටත් බදු අය කළා.

රටේ ආර්ථිකයට ඍජුවම බලපාන රුපියල අවප්‍රමණය විම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ දිගටම ගියහොත් ඩොලරය දෙසියට යනවාමයි. එය නතර කරන්න ආණ්ඩු වෙනසක් කළා. මේ තත්ත්වය වෙනසක් නොවී පවත්වා ගෙන යන්න අවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කරමින් පවතිනවා.

පාර්ලිමේන්තුවේ නව අගමැතිවරයා සමඟ සිටින ආණ්ඩු පක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරනවාද?

පාර්ලිමේන්තුවේ 113 වඩා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සාදාගැනීමෙන් අනතුරුවයි මේ ආණ්ඩු වෙනස ඇති කළේ. මේ තින්දුව ගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමා පැහැදිලි ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ඇතැයි හැඟෙන මන්ත්‍රිවරයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන්න ජනාධිපතිතුමාට හැකියාව ඇති නිසයි එතුමා ඒ අනුව ක්‍රියා කළේ. අති බහුතරය ඇති බව මහින්ද රාජපක්ෂ මහතාට හැඟී යන නිසයි ව්‍යවස්ථානුකූලව අගමැති ධුරයේ දිව්රුම් දුන්නේ.

2015 ජනවාරි මාසයේ අටවැනි දින පැවැත්වුයේ ජනාධිපතිවරණයයි. ප්‍රතිඵල අනුව ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වුණා. ඒ පත්වෙන කොට තුනෙන් දෙකක බලයක් දි.මු. ජයරත්න අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අපේ කැබිනට් මණ්ඩලයට තිබුණා. එජාපය විපක්ෂයේ සුළුතරයක් බවට පත් වෙලා තිබුණ අවස්ථාවක ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව අගමැතිවරයකු පත් කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන මොහොතේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම‍ට හැකි වේ යැයි සිතුණ බැවින් එතුමා එම පත් කිරීම එදා කළා.

ශ්‍රි ලංකාව වැනි රටවලට විදේශ ආධාර නැතිව සංවර්ධනය කරා ගමන් කිරිම අපහසුයි.

ලෝක ආර්ථිකයම කඩාවැටෙමින් පවතින අවස්ථාවක ලංකාව වැනි රටවලට ඒ තත්ත්වය ඍජුවම බලපානවා .

රටක් විදිහට මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද,?

බලවත් රටවල් ආර්ථිකමය වශයෙන් කඩා වැටුණ අවස්ථාවක් ඉතිහාසයේ කිසිදු දිනක තිබිලා නැහැ. ඛනිජ තෙල් අර්බුදයක් තිබුණා තෙල් බැරල් එකක මිල ඉහළ ගියා. ලෝක ආහාර අර්බුදයක් තිබුණා. ලෝකයටම කන්න නැතුව තිබුණා. ලෝක මුල්‍ය අර්බුදයක් තිබුණා. බැංකු එකිනෙක කඩා වැටුණා. අන්තර්ජාතික අභියෝග වලින් ජයගන්න එදා අපිට හැකි වුණා.

ලංකාව රටක් විදිහට චිනය ඇමරිකාව ඉන්දියාව වැනි රටවල් සමඟ සහයෝගයෙන් සම්බන්ධතා වඩා වැඩිදියුණු කරගනිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය කා‍ලයේ යෝජනා කෙරුණු ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් ගන්නා පියවර කෙබඳුද?

ඒ සම්බන්ධව මහාචාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරනු ලැබුවා‍. එ් කොමිස‍මේ වාර්තාව කියවා බලා එහි අන්තර්ගත කරුණු සලකා බලා මෙකි ගිවිසුම් සංශෝධනය කළ යුතු වන්නේ කෙසේද කියලා සලකා බලාගෙන යනවා.

 

Comments