සීතල උඳුවප් මහ මන්චි වොලිබෝල් ශූරතාවලියෙන් උණුසුම් වෙයි‍ | සිළුමිණ

සීතල උඳුවප් මහ මන්චි වොලිබෝල් ශූරතාවලියෙන් උණුසුම් වෙයි‍

සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රමුඛ සන්නාමය වන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් වටයේ කාන්තා සහ පිරිමි තරග අවසන් අදියරවලට පිවිස තිබේ. අඛණ්ඩව 11 වන වරටත් ජාතික වොලිබෝල් තරගාවලියට මන්චි අනුග්‍රහය දක්වන අතර, මෙවරත් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙයි. ඒ ආධුනික කාන්තා - පිරිමි සහ සුපර් ලීග් කාන්තා සහ පිරිමි වශයෙනි.

මෙවර මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය සඳහා සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාස් ලෙෂර් ලයින් තරග වදින අතර සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා අංශයෙන් මාස් කැෂුවර් ලයින්, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහ වරාය අධිකාරිය තරග කරයි.

මෙවර අවසන් මහා තරග ලබන මස 16 වැනිදා මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

පසුගිය වසරේ සුපර් පිරිමි ජාතික ශූරතාව ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම යුද හමුදාව පරාජය කරමින් දිනා ගනිද්දී, යුද හමුදා කාන්තා කණ්ඩායම පරාජය කළ ගුවන් හමුදාව නැවත වතාවක් ජාතික ශූරියන් වීමට සමත් වූහ.

Comments