යොවුන් ඔලිම්පික් ශූරියට ඇමැති විජිත්ගෙන් අත | සිළුමිණ

යොවුන් ඔලිම්පික් ශූරියට ඇමැති විජිත්ගෙන් අත

පසුගියදා පැවති තුන්වන යොවුන් ඔලිම්පික් උළෙලේ දී 100 m ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් අපගේ රට ට දිනාදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන්, වත්මන් ධීවර හා  ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ   ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (07) දින එම අමාත්‍යංශයේ දී පාරමීක්‍රීඩිකාව වෙත මුදල් ත්‍යාග  ලබා දෙන ලදී.
පාරමී ක්‍රීඩිකාවගේ පියා ධීවර රැකියාවේ යෙදෙමින් තම පවුලේ සාමාජිකාවන් ජීවත් කරවන අතර ඔවුන්ගේ ඉදිරි ආර්ථික තත්ත්වය දියුණුකරලීමට රු.ලක්ෂ 05ක් වටිනා   එන්ජිම සහිත ධීවර බෝට්ටුවක් සහ  එයට අවශ්‍ය අනෙකුත් උපාංග ද, නිවාස ආධාර ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ද අමාත්‍යංශයේ දී ඔවුන් වෙත පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහත්වරු  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අදහස්