ආයෙත් ඩෙංගු-පරිස්සම් වෙමු! | සිළුමිණ

ආයෙත් ඩෙංගු-පරිස්සම් වෙමු!

මේ දිනවල හැම පළාතකටම ඇද හැළෙන වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවන ලකුණු පහළ වී ඇත. ඩෙංගු උණ පවතින රෝගියකුගේ රුධිරය උරා බොන මදුරුවා නිරෝගී පුද්ගලයාට ද ඩෙංගු උණ බෝ කරයි. සමාන්‍ය උණ රෝගියා හා ඩෙංගු උණ රෝගියා හඳුනා ගැනීම තරමක් අපහසුය. ඩෙංගු උණ රෝගියා හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂාවක් මඟින් පමණි. තද උණ, හිසරදය, වමනය, පාචනය, අක්මාව විශාල වීම, ශරීරයේ රතු ලප ඇති වීම මෙහි රෝග ලක්ෂණ කිහිපයකි. ඩෙංගු රක්තපාත උණ සෑදුණු විට අක්මාව හා වකුගඩු අකර්මණ්‍ය වීම, අධික නිදිමත, අධික නොසන්සුන් බව, උදරයේ තද බව වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවේ. පුද්ගලයාගේ වයස සිරුරේ ප්‍රතිශක්තීකරණ ශක්තිය මත රෝගයේ ස්වභාවය වෙනස් වේ.

ඩෙංගු උණ ඇති රෝගියකු වෙහෙසකර කටයුතුවලින් ඉවත් වී ශරීරය විවේකීව තබා ගත යුතු ය. සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්නා අතරතුර උණ පාලනය කිරීමට ද කටයුතු කළ යුතුය. ඉවත ලන ටයර්, පොල්කෝම්බ, ටින්, පොල්කටු, විසිතුරු ශාක ආදියෙහි මදුරුවන් ඉක්මනින් බෝ විය හැකිය. පාසල් ශිෂ්‍යාවන් වන අපට මදුරුවන් බෝවන ස්ථාන පිරිසුදු කළ හැකිය. තම තමන්ගේ ගෙවත්ත සතියකට වතාවක්වත් ‍ෙහාඳින් පිරිසිදු කිරීම ඩෙංගු රෝගය මර්දනය කිරීමට රුකුලකි.

ඩෙංගු මදුරුවා, මදුරුවකු වීමට පෙර අවස්ථා වන බිත්තර, කීටයා හෝ පිළවා විනාශ කිරීම වඩා ප්‍රතිඵලදායක ය. එබැවින් කුඩා දරුවන් වන අපි ර‍ටම වනසන මෙම ඩෙංගු උවදුර පිටු දැකීමට අද පටන් අදිටන් කර ගනිමු.

කේ.එම්. මෙත්මිණි පියුමි කුමාරසිංහ

6ශ්‍රේණිය ‘ඊ’,

මලියදේව බාලිකා විද්‍යාලය,

කුරුණෑගල.

අදහස්