ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

ඔබට කොහොමද?

නොවැ: 04 සිට 10 තෙක්

මේෂ

වාසි ලබයි

ලග්නාධිපති කුජ අයස්ථානයේය. රවි, සිකුරු හත්වැන්නේ ද සිටිය දී සතිය ආරම්භ වේ. සම්මතයන්ට පිටින් සිටිමින් ආර්ථික වාසි ලබා ගන්නට උත්සාහ ගනී. දේපළ, ඉඩකඩම්වල දියුණුවක් ලබා ගනි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමගිය සහ සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵල පෙන්වයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


කටක

බාධා මැද දියුණුව

යෝගකාරක කුජ අටවැන්නේ ද යෝගකාරක ගුරු පූර්ව පුණ්‍යස්ථානයේ ද සිටී. ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ලග්නය දකී. බාධා ප්‍රමාදතා මැද වුව ද ඇනහිට තිබූ කටයුතු කිහිපයක් ආරම්භ වේ. ක්‍රමයෙන් දියුණුවක් උදා කරනු ඇත. ආර්ථික වශයෙන් යහපත් බවක් පෙනුණත්අනපේක්ෂිත සිද්ධි ඉස්මතු වීම නිසා වියදම් පක්ෂය ඉහළ යන අතර මිල මුදල් ඉතිරිකර ගැනීම අපහසු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා


තුලා

කරදර සහිතයි

ලග්නාධිපති සිකුරු ලග්නයේය. රවි සමඟ සිටී. අලංකාර දේවලට හිත ඇදී යයි. යම් යම් කරදර බාධා ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල අත්කර නොදෙයි. උත්සාහය සහ කැපවීමෙන්

සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවී ආදායම් මාර්ග පාදා ගනී. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩාදියෙන් තරම පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


මකර

සිත් තැවල් පීඩා

ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කරයි. සිකුරු රවි දසවැන්නේය. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් පරෙස්සම් විය යුතුයි. අනපේක්ෂිතව හටගන්නා සිද්ධි නිසා මුදල් වියදම් ඉහළ යා හැකි බැවිනි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. තම ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න. මලබද්ධය, උදරාශ්‍රිත රෝග, බඩවැල් ආශ්‍රිත පීඩාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා


වෘෂභ

අනපේක්ෂිත වියදම්

ලග්නාධිපති සිකුරු රවි සමඟ හයවැන්නේ සිටී. යෝග කාරක සෙනසුරු අටවැන්නේය.

මෙම පිහිටීම් අනුව තමාගේ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා ප්‍රමාද ඉස්මතු කළ හැකි බැවින් විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි.

මිල මුදල් ලැබීම අතින් එතරම්ම අයහපත් නොවේ. කෙසේ වුවත් අනපේක්ෂිතව හටගන්නා සිද්ධි නිසා වියදම් පක්ෂය ඉහළ යා හැකිය.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


සිංහ

යහපත් සතියක්

ලග්නාධිපති රවි තුන්වැන්නේ ස්වක්ෂේත්‍ර සිකුරු සමඟ සිටී. ගුරු බුධ හතරවැන්නේය. හිතවතකුගේ ආශ්‍රය ලැබේ.සහෝදර සහෝදරියන් තමා සොයාගෙන පැමිණේ. නැතිනම් ඔවුන් සොයාගෙන යාමට අවස්ථාව සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිද


වෘශ්චික

සමපලයි

ලග්නාධිපති කුජ 4 වැන්නේ සිටී. බුධ ගුරු ලග්නයේය. මෙම පිහිටීම තුළ මෙම සතියේ ශුභාශුභ මිශ්‍රඵලදායක තත්ත්වයක් උදා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බොරු දෙයකට හෝ කිසිම වැඩක් නැති දේවල් උදෙසා දෝෂාරෝපණ ඇසීමට සිදු වේ. ස්ථාන හෝ සුළු වෙනස්කම් ඇති වේ. අමුතු ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ආශාවක් ඇති වේ. එවැනි දේවල් ඉගෙනීමට අවස්ථාව සලසා ගනී. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. උෂ්ණාධික රෝගාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


කුම්භ

සාර්ථක ප්‍රතිඵල

ලග්නාධිපති ශනි අයස්ථානයේ ගමන් කරමින් සිටි. යෝගකාරක සිකුරු භාග්‍ය ස්ථානයේය. වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවද සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු කරගෙන යාමේ දී තරමක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. ශරීර සෞඛ්‍ය ගැන තරමක් පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


මිථුන

මිශ්‍රඵල

ලග්නාධිපති බුධ හයවැන්නේ ගුරු සමඟ සිටිය දී සතිය ආරම්භ වේ. හිතට දුකක් හෝ අසතුටක් ඇතිවීමට කරුණක් යෙදෙන නමුත් මිල මුදල් ලැබීම අතින් යහපත්ය. යම් යම් බාධා ඇතත් කරගෙන යන කටයුතු ද අලුතින් ආරම්භ කරන කටයුතුවල ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනි. රැකීරක්ෂා කටයුතුවල ප්‍රගතියක් ක්‍රමයෙන් ඇති කරයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵල ලබයි. දියුණුවක් ගෙන දේ.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


කන්‍යා

බාධා මැද දියුණුව

චන්ද්‍රයා ලග්නයේ ද ලග්නාධිපති බුධ ගුරු තුන්වැන්නේ ද සිටි. රවි සිකුරු දෙවැන්නේ ද වේ. සාමාන්‍යයෙන් වාසනාවන්ත කාලයකි. දියුණුව ද ලාභ ප්‍රයෝජන ද ලබයි. යම් යම් බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේ ද නොවේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල කිසියම් සාර්ථක බවක් උදා කර ගනී. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබීමෙන් කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


ධනු

අපේක්ෂා විරහිත සිදුවීම්

ලග්නාධිපති ගුරු 12 වැන්නේ බුද සමඟ ගමන් කරමින් සිටිය දී සතිය ආරම්භ වේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වුවත් අනපේක්ෂිත සිද්ධීන් නිසා මිල මුදල් හානි වේ. කරගෙන යන වැඩකටයුතුවලට බාධා ඇති වේ. ප්‍රමාදවීම් සිද්ධ වේ. ගෙදරදොර කටයුතුවල දී සතුට විනෝදය සැනසීම තරමක් අඩුවනු ඇත. තම කතාවේ බලය අඩුවන කාලයකි. වචනවල වැරදීම් නිසා සිත් තැවුල්, සිත් පීඩා ඇති කරයි. සතුරු කරදර බාධා ඇති වේ. වියදම් අධික වේ.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


මීන

මිශ්‍රඵල

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ගමන් කරමින් සිටිය දී සතිය ආරම්භ වේ. වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා පසුබෑම්වලට ඉඩ පවතී. කල්පනාකාරීව ක්‍රියා කිරීමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වියදම් පක්ෂය ඉහළ යයි. ණයතුරුස්වීමේ ඉඩ පවතී. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නැතහොත් සමගියට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

Comments