ඩයලොග් රග්බි කිරුළ මෙවර කාටද? | සිළුමිණ

ඩයලොග් රග්බි කිරුළ මෙවර කාටද?

අන්තර් සමාජ 2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලිය නව වැනි සිකුරාදා හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර තරගයෙන් සත්කාරක හැව්ලොක් පිටියෙන් ආරම්භ වෙයි. ලාංකේය රග්බි පිටියේ ප්‍රබලම කණ්ඩායම් අට මෙකී තරගාවලියේ සිය දක්ෂතා උරගා බැලීමට තරග වදියි.

මෙතෙක් පැවැති ලීග් තරගාවලියේ උණුසුම සහ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා මෙවර පිළිමලුන් පිටු දැකිමේ තරග වටයක් එක් කිරීමට ද තීරණය කර තිබේ. ඒ ලීග් ක්‍රමයට පැවැත්වෙන මුල් වට දෙක අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර ශුරතා කුසලානය වෙනුවෙන් තරග කරන අතර, ඉතිරි කණ්ඩායම් හතර පළඟ ශුරතාව වෙනුවෙන් ද පිළිමලුන් පිටු දැකිමේ වටයේ දී තරග කරයි. පිළිමළුන් පිටු දැකිමේ වටය පැවැත්වෙන්නේ අවසන් පූර්ව වටය සහ අවසන් වටය ලෙසය.

පළමු වටයේ තරග 09 වැනි දා සිට දෙසැම්බර් 23 දා දක්වා පැවැත්වෙන අතර, දෙවැනි වටයේ තරග ජනවාරි 04 වැනිදා සිට පෙබරවාරි 17 දා දක්වා පැවැත්වෙයි. පිළිමලුන් පිටු දැකිමේ වටය පෙබරවාරි 22 දා ආරම්භ වන අතර, සමස්ත තරගාවලිය මාර්තු 3 වැනි දා නිමාවට පත්වෙයි.

හැව්ලොක්, යුද හමුදාව, සී.ආර්., සී.එච්, ගුවන් හමුදාව, මහනුවර, නාවික හමුදාව, පොලිසිය යන කණ්ඩායම් මෙවර තරගාවලියට එක් වෙයි. ඩයලොග් රග්බි කිරුළ පසුගිය සිවුවතාවේදීම අඛණ්ඩව ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

 

අදහස්