LOLC සමූහයට ජයග්‍රහණ රැසක් | සිළුමිණ

LOLC සමූහයට ජයග්‍රහණ රැසක්

LOLC ෆිනෑන්ස්, Lanka Pay ටෙක්නොවේෂන් 2018 සම්මාන ප්‍රදානයේදී නැවතත් මුල්පෙළ ගෞරව සම්මාන සමූහයක් හිමි කරගත්තේය.

තාක්ෂණික ගෙවීම්වල පෙරමුණ ගත් සමාගම් දිරිගැන්වීම උදෙසා ‘ලංකා ක්ලියර්’ සමාගම මඟින් එම සම්මාන උලෙළ අඛණ්ඩව දෙවැනි වසරටත් සංවිධාන කරනු ලැබීය.

LOLC ෆිනෑන්ස් දෙවැනි වසරටත් සිය ජයග්‍රාහී මාවතේ තවදුරටත් ඉදිරියට යමින් මූල්‍ය ආයතන අංශයේ අන්තර් බැංකු ගෙවීම්වල විශිෂ්ටත්වය උදෙසා සමස්ත ජයග්‍රාහකයා ලෙස කිරුළු දැරීය. LOLC සමූහයේ අනුබද්ධ සමාගමක් මෙන්ම ස්ථාවර හා විශ්වසනීය සන්නාමයක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. එම අංශයේ අනුශූරතාව හිමි කරගත්තේයඟ

පාරිභෝගික පහසුකම් සැපයීමේ වසරේ හොඳම මූල්‍ය ආයතනය සඳහා වන සම්මාන තිළිණය LOLC ෆිනෑන්ස් හිමි කරගත් අතර, එහි අනුශූරතාව සහෝදර සමාගමක් වන CLC විසින් දිනාගන්නා ලදී. එම සම්මාන රාත්‍රියේ තුන්වැනි සම්මානය ලෙස වෙ‍ෙළඳ ගෙවීම් සඳහා හොඳම යෙදවුම සඳහා කුසලතා සම්මානය ජයග්‍රහණය කළේද LOLC ෆිනෑන්ස් ආයතනයයි.

මේ අතර, LOLC මඟින් බලගැන්වූ විප්ලවකාරී ගෙවුම් ක්‍රමය වන iPay, ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික ගෙවුම් ක්‍රමය ලෙස කිරුළු දැරූ අතර, වෙ‍ෙළඳ ගෙවීම්වල හොඳම යෙදවුම සඳහා වන අනුශූරතාවද හිමිකරගනු ලැබීය. LOLC ෆිනෑන්ස් වෙ‍ෙළඳ මෙහෙයුම් සහකරු කරගත් iPay ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ ජංගම මෘදුකාංගයක් වන අතර, උසස් මෘදුකාංග නිර්මාණ ශිල්පය මඟින් සංවර්ධනය කර ඇත. LOLC සමූහය ලද ජයග්‍රහණ පිළිබඳ අදහස් දැක්වූ LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී, කපිල ජයවර්ධන මහතා; “ LOLC හි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්‍රමෝපාය, අපගේ ව්‍යාපාරික මෙවලමකින් ඔබ්බට ගොස් තිබේ.

අපගේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්‍රමෝපාය මඟින් මූල්‍ය තාක්ෂණ විසඳුම් වලට ශිීඝ්‍රයෙන් අනුගත වීම දිරිගන්වන අතර, එමඟින් වෙ‍ෙළඳපොළට සහ සැමදා පරිණාමය වන අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ජවසම්පන්න සහ නම්‍යශීලි විසඳුම් ලබාදිය හැකි වේ.

Comments