Hybrid Bay Lanka සමාගමෙන් හයිබ්‍රිඩ් රථ අලුත්වැඩියා පාඨමාලා | සිළුමිණ

Hybrid Bay Lanka සමාගමෙන් හයිබ්‍රිඩ් රථ අලුත්වැඩියා පාඨමාලා

හයිබ්‍රිඩ් වාහන අලුත්වැඩියා පුහුණුවෙන් ඉහළ වැටුප් ලැබෙන වෘත්තියකට මඟ පෙන්වන අම්බලන්ගොඩ Hybrid Bay Lanka සමාගම වසර 10කට අධික කාලයක් පුරා පාඨමාලා පවත්වමින් පළපුරුදු මෝටර් රථ අලුත්වැඩියා කාර්මිකයන් බිහි කරයි. “හයිබ්‍රිඩ් මෝටර් රථ නඩත්තුව සහ අලුත්වැඩියාව සාමාන්‍ය වාහනවල සිදු කරන ආකාරයෙන් කිරීම නිසා හයිබ්‍රිඩ් වාහනවලට සිදු වන හානි අති විශාලයි. එනිසා හයිබ්‍රිඩ් මෝටර් රථ නඩත්තුවේදී සහ අලුත්වැඩියාවේදීී ඒ සම්බන්ධ පළපුරුදු කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් දේශීය හා මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළේ තියෙනවා.” සභාපති ගනේෂ් ඇල්පිටියගේ මහතා පැවසීය.

මෙම පාඨමාලාවලදී හයිබ්‍රිඩ් රථයක සියලු දෝෂ මනාව හඳුනා ගෙන, ඒවා නිසි ලෙස නිවැරදි කර, නිසි නඩත්තුවක් සහ අලුත්වැඩියාවක් කිරීමට Hybrid battery service & repairing, Honda duel clutch repairing, Wagon R battery repairing, Hybrid & EFI engine tune up, Inverter coolant changing & repairing, Hybrid system scanning & fault diagnosis ඇතුළු සේවා රැසක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම සියයට 100ක් වැඩ බිමකදී සපයයි. පූර්ණ කාලීන දෙවසරක සහ වසරක මෙන්ම අර්ධකාලීන මාස හය සහ තුන ලෙස පාඨමාලා මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, මහරගම සහ කිරිබත්ගොඩ යන නගරවලදී පැවැත්වෙන අතර විදේශ ගතවීමට හෝ කෙටි කලකින් ව්‍යාපාර ඇරඹීමට සිටින පිරිසට දින පහේ සහ දහයේ නේවාසික පාඨමාලාද අම්බලන්ගොඩදී පැවැත්වේ.

Comments