Beauty Gems ආයතනය NCE රිදී සම්මාන දිනයි | සිළුමිණ

Beauty Gems ආයතනය NCE රිදී සම්මාන දිනයි

Beauty Gems ආයතනය ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ ලබන NCE අපනයන විශිෂ්ටතා 2018 සම්මාන උලෙළේදී මැණික් හා ස්වර්ණාභරණ අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

වසර 150ක පමණ කාලයක සිට මැණික් පිළිබඳ අත්දැකීම්වලින් සපිරි පරම්පරාවකින් පැවැත එන Beauty Gems ආයතනය Blue Sapphires, Yellow Sapphires, Cat’s Eyes, Alexandrite Cat’s Eyes, Star Sapphires, Rubies, Pink Sapphires, Alexandrite, Padmaradscha, Tsavorite සහ Spinel ආදී මැණික් වර්ග අලෙවි කරයි. ISO 9001:2008 තත්ත්ව සහතිකයද හිමි වී ඇත.

ලොව පුරා පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනවලට සහභාගි වෙමින් ශ්‍රී ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් වන Beauty Gems ආයතනය 2005දී චීනයට ප්‍රථම වතාවට මැණික් අපනයනය කළ ශ්‍රී ලාංකේය ආයතනය වන අතර අද වන විට චීනයට වැඩියෙන්ම මැණික් අපනයනය කරන ශ්‍රී ලාංකේය ආයතනය බවටද පත්වී ඇත. හොංකොං, නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස්, බැංකොක්, ලන්ඩන්, ඉන්දියාව, සිංගප්පූරුව, ජර්මනිය ආදී ප්‍රමුඛ වෙළෙඳපොළවල් රැසකට ආයතනය මැණික් අපනයනය කරයි.

“අපගේ සාර්ථකත්වයේ රහස වන්නේ තත්ත්ව කළමනාකරණය, උපරිම පාරිභෝගික තෘප්තිය සහ කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කිරීමයි.” ප්‍රධාන විධායක නිලධාරී අහ්සර් සවාහිර් මහතා පැවසීය. Beauty Gems ආයතනය පාසල් ගොඩනැගිලි ඉදිකර දීම, මැණික් කර්මාන්තයේ සංවර්ධනයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී සමාජ සේවා කටයුතු රැසකටද සිය දායකත්වය සපයයි.

අංක 13, නව්ෆල් ජබීර් මාවත, චීන කොටුව, බේරුවල යන ස්ථානයේ Beauty Gems ආයතනය පිහිටා ඇත.

ප්‍රදර්ශනාගාරය අංක 9A ශාන්ත ඇල්බන්ස් පෙදෙස, කොළඹ 04 ලිපිනයේ පිහිටා ඇත.

අදහස්