බඩ ඉරිඟු, කව්පි, මුං ගෙන්වීම තහනම් | සිළුමිණ

බඩ ඉරිඟු, කව්පි, මුං ගෙන්වීම තහනම්

දේශීය ගොවියා සුරැකීමේ අරමුණින් ලබන වසරේ සිට බඩ ඉරිඟු, උඳු, කව්පි, රටකජු, මුංඇට, සෝයා මෙරටට ගෙන්වීමට ආනයන බලපත්‍ර නිකුත් නොකරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ වෙනුවට ඒවා වගා කරන ගොවි ජනතාවට පූර්ණ සහනාධාර දී, අඩු නිෂ්පාදන වියදමකින් ඒ භෝග වැවීමට ඔවුන්ට අත-හිත දෙන බවත්, මෙතෙක් කල් ඒවා ගෙන්වූ වෙළෙඳ ව්‍යාපාරිකයන්ද ඒ ගොවීන්ට සහාය දිය යුතු බවත් ඇමැතිවරයා කීය.

 

Comments