ඉන්ධන මිල ගැන අලුත් තීරණයක් | සිළුමිණ

ඉන්ධන මිල ගැන අලුත් තීරණයක්

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වීම හේතුවෙන් පැනනැඟී ඇති අපහසුතා වළක්වා ජනතාවට සහන සැලසීම පිණිස හෙට (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිළුමිණට කීය.

මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල ඉහළ යෑමෙන් ජනතාව පත්ව ඇති අපහසුතාවට කඩිනම් සහන සැලසීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ සාකච්ඡාව සඳහා අගමැතිවරයා විසින් මුදල්, ආර්ථික හා සංවර්ධන කටයුතු සම්බන්ධ සියලු අමාත්‍යවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන්ද කැඳවා ඇතැයිද, එහිදී ප්‍රතිපත්තිමය තීරණයක් කරා එළැඹීමට හැකි වනු ඇතැයිද ඒ මහතා විශ්වාසය පළ කළේය.

ඉන්ධන මිල ඉහළ ගිය සැණින් සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමට සේවා සපයන්නන් කටයුතු කරන හෙයින් ඒ සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කරන බව ඒ මහතා පැවසීය.

ඩොලරයේ මිල ඉහළ යන අතර මේ වන විට සිංගප්පූරුවේ බොරතෙල් බැරලයක මිලද ශීඝ්‍රයෙන් ඉහළ නැඟ ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Comments