DHL Expres මෙරට අපනයනකරුවන් දිරිමත් කරයි | සිළුමිණ

DHL Expres මෙරට අපනයනකරුවන් දිරිමත් කරයි

ලොව ප්‍රමුඛත ම ජාත්‍යන්තර එක්ස්ප්‍රස් සේවා සම්පාදකයා වන DHL Express සමාගම, මෙරට අපනයන සංවර්ධන මණ්ඩලය සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කළ පළමු ‘DHL E-commerce – Power Up your Potential' වැඩමුළුව සාර්ථකව නිමා විය.

ඉ-වාණිජ සංකල්පයේ සමස්ත භූමිකාව සහ ජාත්‍යන්තර වෙ‍ෙළඳපළ දක්වා සිය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා ඉ-වාණිජ සංකල්පයේ ඇති වැදගත්කම මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ සුළු හා මධ්‍යය පරිමාණ ව්‍යවසායකයන් 90 දෙනා හට අවබෝධ කරලීමට DHL Express ශ්‍රී ලංකා සමාගම මෙහිදී සහයෝගය ලබා දුන්නේය. අන්තර්ජාල ව්‍යාපාර තුළ ලොජිස්ටික්ස් සේවා සඳහා හිමිවන වැදගත්කම පැහැදිලි කළ එම සමාගම, වේගයෙන් ව්‍යාප්ත වන ඉ-වාණිජ වෙ‍ෙළඳපළ අල්ලා ගැනීම සඳහා විකුණුම්කරුවන්ට සහ අලෙවිකරුවන්ට DHL Express සමාගම පිරිනමන විසඳුම් ද මෙහිදී හඳුන්වා දුන්නේය.

අදහස්