ප්ලාස්ටික්, පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණයට කැන්රිච් ෆිනෑන්ස් පෙරමුණ ගනී | සිළුමිණ

ප්ලාස්ටික්, පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණයට කැන්රිච් ෆිනෑන්ස් පෙරමුණ ගනී

කැන්රිච් ෆිනෑන්ස් සිය සමාජ වගකීම හඳුනා ගනිමින්, මහනුවර ඇසළ පෙරහර මුල් කර ගනිමින් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා ක්‍රියාත්මක කළේය. මහනුවර දළදා වහන්සේ මුල් කර ගනිමින් වාර්ෂිකව මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ඇසළ පෙරහර සුවහසක් ජනයාගේ නෙත් සිත් පහන් කරවන සංස්කෘතිකාංගයක් වන අතර මෙම සමයේදී මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉවතලන පොලිතීන්, ප්ලාස්ටික් එක් රැස් කර ප්‍රතිචක්‍රීයකරණය කිරිමේ දැවැන්ත වැඩපිළිවෙළක් ලෙස තුන්වන වරටත් ක්‍රියාත්මක කරනු ලැබූ කැන්රිච් ෆිනෑන්ස් ආයතනික සමාජ වගකීම් අංශයේ “උරුමය සුරකිමු” නම් ව්‍යාපෘතිය ඔස්සේ සංවිධානය කළ මෙම කටයුත්ත කැන්රිච් ෆිනෑන්ස් මහනුවර ශාඛාව ප්‍රමුඛ සියලුම ශාඛාවන්හි කාර්යමණ්ඩලවල නොමසුරු දායකත්වයෙන් සාර්ථක ලෙස නිම කරන ලදී.

ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් නිසි ලෙස බැහැර කිරීමට සහ භාවිතය අවම කිරිමට ජනතාව හුරු කරවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූ අතර ඒ සදහා ප්ලාස්ටික් සහ පොලිතීන් නිසි ලෙස භාවිත කිරීම, ප්‍රතිචක්‍රීයකරණය කිරීම සහ අවම ලෙස භාවිතා කිරීම පිළිබදව මෙහිදී ජනතාව දැනුවත් කරන ලදී.

ඉවතලන ප්ලාස්ටික්, පොලිතීන් කැන්රිච් සමාගමේ කාර්ය මණ්ඩලය වෙත ලබා දුන් අය අතරින් දිනපතා සිදු කළ දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද කැන්රිච් ෆිනෑන්ස් ආයතනය කටයුතු කර ඇත.

Comments