ජනපති අතින් මන්නාරමේදී ‘වන රෝපා’ ඇරඹේ | සිළුමිණ

ජනපති අතින් මන්නාරමේදී ‘වන රෝපා’ ඇරඹේ

ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව මෙහෙයවන 2018 ‘වන රෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ 2019 වර්ෂයේ අවසානය දක්වා පැළ මිලියන 5ක් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලාල් අබේගුණසේකර මහතා පවසයි.

හරිත දේශයක් ඇතුළතින් තිරසර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිතුමා මෙහෙයවන පුනරුදය පරසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළත පැළ දස ලක්ෂ 5 ක් රෝපණය කිරීමේ සමාරම්භක උලෙළ පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ පැවති වන සංරක්ෂණය පිළිබඳ කමිටුවේ 25 වැනි සැසිය ආරම්භ කරමින් 2018 ජූලි මස 16 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වැඩසටහන ජගත් ප්‍රජාව වෙත ඉදිරිපත් කරනු ලැබිණි. එයට ලැබුණු පැසසුම් අනුව මේ වන රෝපා වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවන බව පරිසර සංරක්ෂණ ජනාධිපති කාර්ය බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසිරි මහතා පවසයි.

අදහස්