නාලක ද සිල්වා අත්අඩංගුවට? | සිළුමිණ

නාලක ද සිල්වා අත්අඩංගුවට?

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ දැරූහයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට යන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු යෙදවීමට සැලසුම් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධකරුවන් කිහිප දෙනකු මෙන්ම පාතාලයේ නායකයන් සමඟද සබඳතා පැවැත්වීම, ප්‍රභූ ඝාතනයට සැලසුම් කිරීම මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයකු සතු බලතල අයුතු ලෙස යොදාගැනීම යන කරුණු සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමුව ඇති බවත්, ඒ අනුව නුදුරේදීම ඔහු අත්අඩංගුවට ගෙන විශේෂ පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති බවත් ඒ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

Comments