රෝගී මනසට ගී රස දෙන නුවර ඉස්පිරිතාලෙ සංගීත කණ්ඩායම | සිළුමිණ

රෝගී මනසට ගී රස දෙන නුවර ඉස්පිරිතාලෙ සංගීත කණ්ඩායම

* විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන්, පරි­පූ­රක වෛද්‍ය­ව­රුන්, හෙද කාර්ය මණ්ඩ­ලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලය සාමා­ජි­කයෝ
* කණ්ඩා­යම් නාය­කයා විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙක්
* මෙරට ප්‍රථම වතා­වට රෝහ­ල­කින් බිහි වූ සංගීත කණ්ඩා­යම

ගිම්හාන සෘතුවේ හිරු රශ්මි­යට පිච්­චෙ­මින් ඇවිද ගිය මම විඩා වැඩි­යෙන් දැනෙද්දි අවැසි වු ස්ථානයේ කොරි­ඩෝ­වට ගොඩ වැදු­ණෙමි. තැනින් තැන දිස්වන මළා­නික මුහුණු, මුහුණු පම­ණක් නිරා­ව­ර­ණය වන ලෙස පොරවා ගත් ශරීර කූඩු, වේග­යෙන් එහෙ මෙහෙ ගෙන­යන ලේ වැගි­රෙන මිනිස්සු, නැගෙ­න්නාවු කෙඳි­රිලි හඬ අත­රින් හද­වත වේද­නා­වෙන් පිරී ගියේ නිරා­යා­ස­යෙනි. ඒ අත­රින් මා ඉදි­රි­යට ඇදී යද්දි ගිලන් ඇඳන් මත වැතිර සිටින අය මෙන්ම සිරුරු වැසූ මළ සිරුරු ද එකි­නෙක මා පසු­ක­ර­ගෙන යනවා දුටු­වෙමි. හද­වතේ හිරවි තිබූ වේද­නා­කාරි සිතු­විලි සමු­දාය මුදා­හ­රි­න්නට අවැසි වුවත් ඊට අව­ස්ථා­වක් නොවූ­යෙන් මම ඉදි­රි­ය­ටම ඇදී ගියෙමි.

ඒ යන අත­ර­ම­ඟදී කොරි­ඩෝ­වක් කෙළ­ව­රට වන්නට පිහිටා තිබු තර­මක් අඳුරු කුටි­ය­කින් ඇසුණු ‘අම්මා ජීවන උයන් තෙරේ..... නොනිමි දැල්වෙන පහ­නකි නිර­න්තරේ.....ඔබ මට සුවය ගෙනේ....‘ගීත­යත් සමඟ නැගුණු සත්සර නාද­යෙන් මා එම ස්ථානයේ ඉබේ­ටම නතර වුයේ කත­රක ඇවිද යද්දී දිය බිඳක් ලැබු­ණාක් මෙන් සිසි­ලක් සිතට දැනෙ­ද්දීය.

ඒ මහ­නු­වර ශික්ෂණ රෝහ­ලයි. ලංකාවේ දෙවන විශා­ල­තම රෝහල වන මෙහි සේවය ලැබී­මට දස­තින් සෙනඟ ඇදී එන්නේ ගුල­කට කඩින් ඇදෙ­න්නාක් මෙනි. නොයෙක් ආකා­රයේ රෝගී­න්ගෙන් පිරි දැඩි කල­බ­ල­කාරී වාතා­ව­ර­ණ­යක් නිර­තු­රුව පව­තින මෙහි එන ජන ගංගා­වට සේවය සැප­යී­මට සිටින වෛද්‍ය­ව­රුන් ප්‍රමුඛ සේවක මණ්ඩ­ලය හය දහස ඉක්ම­වයි. රෝහල් පරි­ශ්‍රය පුරා­වට එක් එක් රෝගි තත්ත්ව­යන් සඳහා වෙන් වෙන්ව සක­සන ලද රෝගී ඒක­ක­යන්ය. සේවක පිරිස් දිවා රාත්‍රී නොබලා සේවය සප­යන්නේ මුද­ලට වඩා උතුම් වූ මනු­ෂ­ත්වය පෙර­දැරි කර­ගෙන යන කරුණ සත්‍ය­යක් බවට රෝග සුවවී බැහැර යන්නෝ සාක්කි දරති.

මේසා විසල් සේව­යක් සප­යන මේ රෝහලේ කොනක කාම­ර­ය­කින් නැඟෙන මියුරු නාදයේ සුල මුල සෙවී­මට මට ඇති වූයේ බල­වත් ආශා­වකි. එනි­සාම මා එතැන සිටි රෝහල් සේවක මහ­තෙ­කු­ගෙන් ඒ ගැන විම­සීමි.

“මේක කරන්නේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශ්ශංක සර්” යැයි ඔහු පැව­සිය. මම නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක මහතා සොයා ඔහුගේ කාර්යාල කාම­ර­යට පිය මැන්නෙමි. තප්ප­ර­යෙන් තප්ප­රය නොයෙක් විදියේ ප්‍රශ්න හා ගැටලු රැගෙන සේවක පිරිස් පැමි­ණෙන මම ස්ථාන­යට අප යන විටත් හතර පස් දෙනෙ­කු­ගෙන් යුතු පෝලි­මක් විය.

රෝහල් පරි­ශ්‍රයේ ඇවිද යද්දී කන වැකුණු සංගීත රාව­යත් ඒ ගැන විම­සද්දී ලද පිළි­තු­රත් පිළි­බඳ පැව­සීමි. ඔහු සුහ­දව සිනාසී ඒ පිළි­බඳ අප හා තොර­තුරු පැව­සීය.

“රෝහල් පරි­ශ්‍ර­යක් තුළ රෝගින් මෙන්ම සේවක මණ්ඩ­ල­යද පසු­වන්නේ විඩා­බර මන­ස­කින්. තමන් හමු­වට එන රෝගින්ගේ මාන­සි­ක­ත්වය මෙන්ම ඔවු­නට ප්‍රති­කාර මෙන්ම සත්කාර කරන අයගේ මන­ස­ටද ඒ දුක යා වන්නේ අප කවු­රුත් මනු­ෂ්‍ය­යන් නිසයි. ඒ ශාරි­රික සත්කා­රය මෙන්ම මාන­සික සත්කා­රය ගැනද අප සිතිය යුතුයි. වෛද්‍ය­ව­රුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩ­ලය හය­ද­හ­සක් පමණ මෙහි සේවය කර­නවා. පැය විසි හත­රම සේවා මුර­වල යෙදී­මට සිදු වෙනවා. දැඩි මාන­සික ආත­ති­යක් ඇති­වෙ­නවා. මේවා සම­නය කර­ගෙන අපේ සේවාව සැප­යිය යුතුයි. මේ රෝහලේ අති දක්ෂ කලා කුස­ල­තා­ව­ය­න්ගෙන් හෙබි සේවක මහත්ම මහ­ත්මින් සිටි­නවා. අපි ඒවා නොයෙක් අව­ස්ථා­ව­න්හිදි දැකලා තියෙ­නවා. සංගී­තය බොහෝ රෝග­ව­ලට දිව ඔසු­වක්. අපි මේ සියල්ල ගැන සිතා සංගීත රාව­යෙන් රෝගීන් සුව­පත් කිරී­මට රෝහලේ සංගී­ත­ක­ණ්ඩා­ය­මක් හදන්ට යෝජනා කර­ගත්තා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නා­යක මහතා ඊට පුර්ණ සහ­යෝ­ගය ලබා දුන්නා. ඒක අපට ලොකු ශක්ති­යක් වුණා. මේ කලා කුස­ල­තා­වන්ගෙන් පරිපූර්ණ පිරිස් එක්ක කතා කිරි­මේදි ඔවුන් ද මේ යෝජ­නා­වට එක හෙළාම එකඟ වුණා.

මේ කණ්ඩා­ය­මට නාය­ක­ත්වය දෙන්නේ ඉහළ කලා කුස­ල­තා­ව­කින් යුතු විශේ­ෂඥ වෛද්‍ය හර්ෂ පෙරේරා මහ­තායි. වෛද්‍ය­ව­රුන් , පරි­පු­රක වෛද්‍ය­ව­රුන්, හෙද කාර්ය මණ්ඩ­ලය, කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලය යන සැම අංශ­ය­කම පිරිස් නියෝ­ජ­න­යක් මෙම කණ්ඩා­යමේ තියෙ­නවා. කිසිම බේද­යක් නෑ. හැම කෙනෙක්ම හරිම සතු­ටෙන් මෙම කාර්ය­යට එකඟ වුණා.”

සංගීත කණ්ඩා­යම තැනී­මේදී ප්‍රථ­ම­යෙන්ම ඔවුන්ට මානව සම්පත හැර වෙනත් සම්ප­තක් නොවීය. අඩු­පාඩු සපුරා ගැනීම සඳහා නොයෙක් ක්‍රම විධි හා අද­හස් යෝජනා විය. අව­සා­නයේ තීර­ණය වූයේ නාට්‍ය­යක් වේදිකාගත­කර මුදල් සොයා ගැනී­මය. එම­ගින් සංගීත කණ්ඩා­ය­මට අවශ්‍ය උප­ක­රණ සපයා ගැනීම ඔවුන්ගේ අපේ­ක්ෂාව වුයේය. අන­තු­රුව රෝහල් සුභ සාධක සංග­මයේ සහ­යෝ­ගය ඇතිව මහ­නු­වර ධර්ම­රාජ විද්‍යා­ල­යීය ශාලාවේ නාට්‍ය ප්‍රද­ර්ශ­න­යක් පවත්වා රුපි­යල් ලක්ෂ පහක පමණ මුද­ලක් සොයා ගැනී­මට ඔවුන්ට හැකි­විය. ඔවුහු ඒ මුද­ලින් අත්‍ය­ව­ශ්‍යම සංගීත උප­ක­රණ කීපය මිලදී ගත්හ.

“ඒ වගේම අපේ කණ්ඩා­ය­මට සුදුසු ඇඳු­මුත් අප සපයා ගත්තා.” නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා පැව­සීය. ඔහුගේ මුහුණේ ඇත්තේ ජය­ග්‍රාහී සිනා­වකි. මට අපේ පාසල් කාලය මත­ක­යට නැඟිණි. අප ඒ කාලයේ පාසලේ අව­ශ්‍යතා සපයා ගන්ෙන්ද නාට්‍ය පෙන්වීම හා කැට­ව­ලට මුදල් එකතු කිරීම වැනි දෙයිනි. ඒ අපේ ළමා කාල­යේය. නමුත් මොවුහු වෛද්‍ය­ව­රුන්ය. රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රුය. ඔවුන්ද කෙසේ හෝ මුදල් සපයා ගත යුතුය. මේ සිය­ල්ලට මුල් වූයේ සිය කාර්යය සඳහා ඔවුන් වෙත පැවැති දැඩි ඇල්මය. රෝගී හද­වත් සංගී­ත­යෙන් සන­හා­ලීම සඳහා වූ ඒකා­යන පර­මා­ර්ථ­යය.

“අපි මේ සංගීත කණ්ඩා­යම පළමු වතා­වට එළි දැක්වූයේ පසු­ගිය වසරේ (2017) පොල්ගොල්ලේ පැවති සුව විශි­ෂ්ටතා සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය අව­ස්ථාවේ. එදා පටන් රෝහලේ පව­ත්වන භක්ති ගීත සංද­ර්ශ­න­ව­ලදි, අවු­රුදු උත්ස­ව­ව­ලදි සහ විශේෂ උත්සව අව­ස්ථා­ව­ලදි සංගී­තය සප­ය­නවා. ඒ වාගේම රෝගීන් සම­ඟද නොයෙක් අව­ස්ථා­වල කට­යුතු කර­නවා. රෝගීන්ගේ මාන­සික සුවය සඳහා මින් ලබා දිය හැකි පිටු­ව­හල සම්බ­න්ධව මාන­සික සුවතා ඒක­කය හා එක­තුව විශේෂ පරී­ක්ෂණ පව­ත්ව­මින් සිටි­නවා.” මේ අනුව රෝහ­ල­කදී බිහි­වන ලංකාවේ ප්‍රථම සංගීත කණ්ඩා­යම මහ­නු­වර මහ රෝහ­ලෙන් බිහිව තිබේ. විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන්, පරි­පු­රක වෛද්‍ය­ව­රුන් හෙද හෙදි­යන් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් ද මේ සංගීත කණ්ඩා­යමේ සාමා­ජි­ක­ය­න්වීම ලොකු පොඩි­කම් ප්‍රද­ර්ශ­නය කරන සමා­ජ­යට මහඟු ආද­ර්ශ­යකි. මෙම කණ්ඩා­යමේ සංගී­තය පැය විසි හතර පුරා රාජ­කා­රියේ යෙදෙන රෝහ­ලක් වැනි ආය­ත­න­යද සේව­ක­යන්ට මෙන්ම රෝගී මන­ස­ටද දිව ඔසු­වකි.

මෙම සංගීත කණ්ඩා­යම රෝහලේ භක්ති ගීත ප්‍රසංග, අවු­රුදු උත්සව ඇතුළු විශේෂ උත්සව අව­ස්ථා­ව­න්හිදි ඉතා අභි­මා­න­වත් අන්ද­මින් තමන්ගේ සහෘ­ද­යන් ඉදි­රියේ තම හැකියා පෙන්ව­මින් සුවි­ශේෂි කාර්ය භාර­යක් ඉටු කරන්නේ තම ආය­ත­න­ය­ටද මුද­ලක් ඉති­රි­කර දෙමිනි. රෝගීන්ගේ බිඳුණු මාන­සි­ක­ත්ව­යට දිව ඔසු­වක් මෙන් සංගීත රසය බෙදා­දෙන ඒ තත්සර නාදය රෝගී වේද­නා­වන් මඳ­කට හෝ සම­නය කරන්නේ කාගේත් මන­සට සිසි­ලක් ලබා දෙමිනි. එම සේවය තවත් පුළුල් කර­මින් රෝහලේ මාන­සික සුවතා ඒක­කය තව­දු­ර­ටත් පර්යේ­ෂණ කරන්නේ සංගීත චිකි­ත්සා­වෙන් විවධ ව්‍යාධීන් සඳහා ප්‍රති­කර්ම ලබා­දීමේ අර­මු­ණෙනි. සංගීත කණ්ඩා­යමේ සියලු පුහු­ණු­වීම් කට­යුතු සේවා කාල­යෙන් බැහැ­රව සිදු කෙරෙන අතර ඒ වෙනු­වෙන් කණ්ඩා­යමේ සෑම සාමා­ජි­ක­යෙක්ම පාහේ විශාල කැප කිරී­මක් කර­න්නේය.

ජිවිත ආශාව අත්හළ මෙන්ම සුව නොවන රෝග­ව­ලින් පීඩා විඳින පිරිස්ද නිර­තුරු රෝහල් ගත­වෙති. නිට්ටා­වට සුව නොවන නමුත් ඔවුන් තප්ප­ර­යක් හෝ ජිවත් කර­වී­මට වෙර දරන අතරේ ඔවුන්ගේ මන­සද සතු­ටෙන් තැබිය හැකි­නම් එය මොන තරම් පුණ්‍ය කර්ම­යක් වනු ඇත්ද?

දෛනි­කව රෝහල් ගත­වන නව­සී­යක පමණ රෝගී­න්ගේත්, නේවා­සි­කව ප්‍රති­කාර ලබන තුන්ද­හ­ස­කට ආසන්න රෝගී­න්ගේත්, ප්‍රති­කාර පිණිස සායන වලට දෛනි­කව පැමි­ණෙන හය දහ­ස­කට අධික රෝගි­න්ගෙත් ප්‍රශ්න සිය­ල්ල­ටම මේ රෝහල් බල­ධා­රින් පිළි­තුරු සැප­යිය යුතුව ඇත. රෝගීන් ඇතුළු කාර්ය මණ්ඩ­ලයේ සියලු ප්‍රශ්න විස­ඳිය යුතුව ඇත. මෙවැනි භාර­ධුර කට­යුතු සමු­දා­යක් අතරේ මේ වෛද්‍ය­ව­රුන් දැඩි ඉව­සී­ම­කින් කට­යුතු කරන්නේ කාගේත් සිත් සන­හා­ල­මිනි. කාලයේ හැටි­යට වෛද්‍ය­ව­රුන්ගේ මෙන්ම රෝහලේ සියලු කාර්යය මණ්ඩ­ලයේ මේ ඉව­සීම විස්ම­ය­ජ­න­කය. මෙවන් සද්කා­ර්ය­යක් සඳහා ඔවුන් යොමු­වී­මට හේතුවී ඇත්තේද තවත් හොඳින් සිය සේවාව සැල­සීම සඳ­හාය.

ඡායා­රූප - ගාමිණි රණ­සිංහ
උදේනි රාජ­පක්ෂ

අදහස්