HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

ට්‍රම්ප්ගේ රහසක් එළියට!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හොලිවුඩ් කාමුක චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියල්ස් අතර සබඳකමක් තිබුණු බව දැන් මුළු ලොවටම හෙළිවී හමාරයි.

ඒ බව දැන් රහසක් නොවුණත් පසුගියදා නිකුත් වුණු ‘ෆුල් ඩිස්ක්ලෝසර්’ නම්වූ ග්‍රන්ථය ඇවිළී ගිය ගින්නට පිදුරු දැමීමක් සිදු කළා. මේ ග්‍රන්ථය ලියා ඇත්තේ ස්ටෝමි ඩැනියල්ස්.

එය මුළුමනින්ම වෙන්කර ‍තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ජීවිතය හෙළි කරන්නටයි. විශේෂයෙන් ම, ඔහුගේ කායික විස්තර පවා නොඅඩුව එහි ඇතුළත් කර තිබෙනවා.

ස්ටෙෆ්නි ග්‍රෙගරි ක්ලිෆර්ඩ් හෙවත් ස්ටෝමි ඩැනි‍යල්ස් එම ග්‍රන්ථයෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයට 2006 දී මුණ ගැසුණු ආකාරය සහ එදා සිදුවූ දේ විස්තර සහිතව හෙළිකර තිබෙනවා.

තමන් සහ ට්‍රම්ප් අතර ඉතා සමීප සබඳකමක් පැවැති බව ස්ටෝමි මෙම ග්‍රන්ථයෙහි සඳහන් කර තිබුණත්, ට්‍රම්ප් ඒ බව පිළිගන්නේ නැහැ.

කෙසේ වෙතත් ඔහුගේ නීතිඥවරයා පවසන්නේ මේ සබඳකම වසන් කිරීමේ අරමුණින් යුතුව ට්‍රම්ප් විසින් ස්ටෝමිට ඩොලර් 130,000 ක මුදලක් ලබාදී ඇති බවයි. මේ වන විට 39 වැනි ‍වියෙහි පසුවන ස්ටෝමි, කාමුක චිත්‍රපට නිළියක මෙන්ම, චිත්‍රපට තිර රචිකාවක සහ අධ්‍යක්ෂවරියක ලෙස ද ප්‍රසිද්ධව සිටිනවා.


බීබර් ද්විත්ව පුරවැසිකම ඉල්ලයි

පසුගිය ජූලි මාසයේදී හේලි බෝල්ඩ්වින් සමඟ ජස්ටින් බීබර් විවාහ ගිවිස ගත්තත්, ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය මෙතෙක් පවත්වා නැහැ. ඒ නිසා බීබර් දැන් උත්සාහ කරන්නේ ඉක්මනින් ම මංගල උත්සවයක් පවත්වා හේලි සමඟ එක වහලක් යට පදිංචි වීමටයි.

නමුත්, එය ලෙහෙසියෙන් ම කළ හැකි දෙයක් නොවන බව බීබර්ට තේරුම් ගිහින්. කෙතරම් මුදල් - හදල් තිබුණත් දෙදෙනා එක් තැන් වන්නට කලින් කළයුතු නීතිමය කටයුත්තක් තිබෙනවා. ඒ තමයි, බීබර්ගේ පුරවැසි ප්‍රශ්නය විසඳා ගැනීම.

බීබර්ගේ මවුරට කැනඩාව, හේලිගේ මවුරට ඇමෙරිකා එක්සත් ජනපදය, බීබර්ට අවශ්‍ය වී ඇත්තේ ඇමෙරිකාවේ පදිංචි වෙන්නටයි. ඔහු, වයස 13 සිට දෙමවුපියන් සමඟ හැදී වැඩුණේ ඇමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ බීබර්ට තිබෙන්නේ ඇට්ලන්ටාවේ පදිංචිව සිටීමේ ග්‍රීන් කාඩ් එකක් ඉතින්, පසුගියදා ඔහු ඇමෙරිකාවේ සහ කැනඩාවේ වාසය කිරීමට අවශ්‍ය වන ද්විත්ව පුරවැසිකම ඉල්ලා සිටියා. තමන්ගේ මවුරට වන කැනඩාවේ පුරවැසිකම පවතිද්දී ඇමෙරිකාවේ පදිංචිවී සිටීමට අවශ්‍ය නීත්‍යනුකූලබව තමයි ඔහු ඉල්ලා සිටින්නේ.

මේ පුරවැසි ප්‍රශ්නය විසඳුණු පසුව මංගල ‍උත්සවය පවත්වන බවයි බීබර් පවසන්නේ. නමුත් ඒ උත්සවය පවත්වන්නේ ඇමෙරිකාවේද, නැතිනම් කැනඩාවේද යන්න තවමත් හෙළි වී නැහැ.

Comments