රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ටත් පෞද්ගලික අංශයේ වැටුප් | Page 2 | සිළුමිණ

රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ටත් පෞද්ගලික අංශයේ වැටුප්

පෞද්ගලික අංශයේ අධික වැටුපක් හිමි වන අතර රාජ්‍ය අංශයේ එම වෘත්තියටම අඩු වැටුප් හිමි වීම සම්බන්ධව ඉදිරි වැටුප් සංශෝධනවලදී වැඩි අවධානයක් යොමු කරන බව පසුගියදා රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ පත් කළ කොමිසමේ ලේකම් එච්.ඩී. සුමනසිංහ මහතා සිළුමිණට කීය.

සමස්ත රාජ්‍ය අංශයේම වැටුප් සමාලෝචනය සඳහා පත් කළ කොමිෂන් සභාවේ වත්මන් ප්‍රගතිය සාර්ථක බවත්, සැලකිය යුතු ප්‍රශ්නයක් රාජ්‍ය සේවකයන්ට තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේ වන විට විවිධ වෘත්තීය සමිති, වෘත්තීය සංගම් හා රාජ්‍ය අංශයේ සේවක සංවිධානවලින් අදහස් ඉල්ලීම් හා යෝජනා ලිඛිතව හා විද්යුත් තැපෑලෙන් 800කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද ඒ මහතා කීය.

මේ වන විට එම ඉල්ලීම් හා යෝජනා එක් එක් අංශවලට වෙන් කර අධ්‍යයනය කරමින් පවතින අතර, ඊට අමතරව රාජ්‍ය ආයතන අංශ ප්‍රධානීන් වෘත්තීය සමිති හා සංගම් ගෙන්වා දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇතැයිද ඒ මහතා කීය.

 

 

Comments