රටේ ආර්ථිකය ගැන හොංකොං - ෂැංහයි බැංකුවෙන් සහතිකයක් | සිළුමිණ

රටේ ආර්ථිකය ගැන හොංකොං - ෂැංහයි බැංකුවෙන් සහතිකයක්

පසුගිය වසරවල පැවැති ආර්ථික වර්ධන වේගය ඉක්මවමින් මේ වසරේදී ශ්‍රී ලංකාව 3.7%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇති බව හොංකොං සහ ෂැංහයි බැංකුවේ ගෝලීය පර්යේෂණ ඒකකය සඳහන් කරයි. ඔවුන් පසුගියදා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පළ කළ වාර්තාවෙන් මේ අනාවැකිය පළ කොට තිබිණි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ සේවා අංශයේ සිදුව ඇති සැලකිය යුතු වර්ධනය හමුවේ මෙලෙස රටේ ආර්ථිකය ස්ථාවර වනු ඇති බවත්, සමස්තයක් ලෙස වසරේ සෙසු කාලසීමාව තුළ සෑම අංශයකම ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බවත් මෙහි සඳහන් වන අතර, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ පමණක් යම් දුර්වල බවක් පෙන්නුම් කරනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

2016 වසරේ සහ 2017 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පෙර වසරට සාපෙක්ෂ්ව අඩු වුවද මේ වසරේ ඉකුත් වසරවල වර්ධනය ඉක්මවා ගිය වර්ධනයක් දැකිය හැකි වනු ඇති බවද එහි දැක්වේ. 2016 වසරේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 4.5%ක වර්ධනයක් පෙන්වූ අතර, එය 2017 වසරේදී 3.3%ක් දක්වා පහත වැටිණි. කෙසේ වුවද ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම හමුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකකය වන රුපියලේ අගය පහළ යෑමේ අභියෝගයට මුහුණ දීමට සිදු වනු ඇති බව පෙන්වා දී තිබේ.

 

Comments