ගමේ වෙල්යාය | සිළුමිණ

ගමේ වෙල්යාය

අප නිවාඩු කාලයේ පියාගේ ගමේ යද්දී දුටු වෙල්යාය හරි ම සුන්ද­රය. වෙල්යායේ පැසුණු ගොයම් විය. තැනින් තැන ගිරව් ඉගි­ළෙනු මම දුටු­වෙමි. සම­හර ගිරවු හොටෙන් වී කරල් ගෙන ගියහ.

ගොයම් කපන පිරි­සක් ද අපි දුටු­වෙමු.‍ වෙල්යායේ වැඩ කරන අයට තේ ගෙන යන නැන්දා කෙනෙකු දැක අපි කතා බහ කළෙමු. මට ද වෙල්යා­යට යෑමට ආශා­වක් ඇති විය. මහ ගෙද­රට ගිය සැණින් මමත් මල්ලීත් වෙල්යා­යට ගියෙමු.

ඩී.එම්. කවිත්මා යුගානි දිසා­නා­යක
3 ශ්‍රේණිය,
පහළ කොන්ක­ඳ­වල කනිෂ්ඨ විද්‍යා­ලය,
වීර­පො­කුණ.

Comments