ගුරු සේවයේ රස කතා | සිළුමිණ

ගුරු සේවයේ රස කතා

අහසේ පාවී නොගිය සුනිල් වලා

1966 වර්ෂ­යේදී මමත් මිතුරෝ තිදෙ­නෙ­කුත් වව්නියා දිස්ත්‍රි­ක්කයේ අති දුෂ්කර වූ සිංහල පාස­ල­කට පත්වීම් ලදිමු. මගේ ප්‍රධාන විෂය සිංහල නොවු­වද අදාළ ගුරු­ව­රුන් නොපැ­මිණි අව­ස්ථා­ව­ලදී විදු­හ­ල්ප­ති­ව­රයා ඉහළ පන්ති­වල සිංහල ඉගැ­න්වී­මට මා යැවීය. මෙම පන්ති­වල සිසුහු මගේ පැමි­ණීම සැම­වි­ටම අගය කළහ. 11 පන්ති­යෙහි සුනිල් නමින් සිසුන් දෙදෙ­නෙකු සිටි හෙයින් ඔවු­න්ගෙන් එක් අයෙකු “වලි සුනිල්” සහ අනෙකා “වල් සුනිල්” යනු­වෙන් ද සෙසු සිසුහු හැඳි­න්වූහ. වලි සුනිල් නිතර දබ­ර­යට බරය. වල් සුනිල් ගැහැනු ළම­යින් අතර ගැව­සී­මට ප්‍රිය කළ අයෙකි. ඒ නිසා ගැහැනු ළමයි රහ­සින් ඔහු ‘සුනිල් වලා’ යැයි හඳු­න්වති.

දිනක් මෙම පන්තියේ සිංහල සාහිත්‍ය සඳහා මා යොමු කළෙන් සැල­ළි­හිණි සංදේ­ශයේ කැලණි පුර ළඳුන් වර්ණ­නාවේ කවි පැහැ­දිලි කරන ලෙස සිසුහු මගෙන් ඉල්ලා සිටි­යහ. එම කවි­ව­ලින් “සුනිල් වලා නව සඳ නිලු­පුල් පබළු...” යන කවිය විස්තර කර­මින් මම සුනිල් වලා යනු තද නිල් පැහැති වලා­කුළු මිස අන් අරු­තක් නොවන බවත් අති­ශ­යින් නිල් වලා­කුළු වැනි කෙස් කළඹ සහ අඬ­සඳ වැනි පටු නළ­ල්ව­ලින් යුත් කැල­ණි­පුර ළඳුන් මෙහි වර්ණනා කරන බවත් පැහැ­දිලි කළෙමි.

පාඩම ගැන එත­රම් අව­ධා­න­යක් නොමැ­තිව වලි සුනිල් සිටින බව ම‍ට පෙනිණි. මම ඒ සම­ඟම ඔහු­ගෙන් සුනිල් වලා වැඩි­පුර දකි­න්නට ලැබෙන්නේ කොහි දැයි විම­සිමි. කල­බ­ල­යෙන් නැගී සිටි ඔහු “සර්, සුනිල් වලා වැඩි­පු­රම දකි­න්නට ඉන්නේ ගැහැනු ළමයි අත­රෙනෙ” යැයි පිළි­තුරු දුන්නේය. පන්තියේ සිසුන්ට මෙන්ම මට ද මෙම පිළි­තු­රෙන් මහත් සිනහා පහළ වුණි.

විශ්‍රා­මික ආචාර්ය එඩ්වඩ්. බී. ගුණ­ව­ර්ධන
අවි­ස්සා­වේල්ල.


බාගෙට පිස්සු අයියා

පාස­ල්වල කෙරෙන ඉගැ­න්වීම් කට­යුතු පිළි­බඳ සොයා බැලී­මට පරී­ක්ෂ­ක­වරු වරින් වර පැමි­ණෙති. එක්තරා පාස­ල­කට දිනක් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් පැමි­ණි­යේය. සිසුන්ගේ කුමක් හෝ වැරැ­ද්දක් සොයා ගෙන එයට බැණ වැදීම ඔහුගේ සිරිත විය.

පැසල පරීක්ෂා කර බැලූ විට එහි වැරැ­ද්දක් පෙනෙ­න්නට තිබුණේ නැත. ඔහු පන්ති­ය­කට ගියේය. එහි සිටි සිසු­න්ගෙන් පාඩම් පිළි­බඳ ප්‍රශ්න කිහි­ප­යක් ඇසු­වේය. ඒ සිය­ල්ල­ටම සිසුහු නිවැ­ර­දිව පිළි­තුරු දුන්හ. පරී­ක්ෂ­ක­ව­ර­යාගේ සිතට මෙය මහත් අස­හ­න­යක් විය. ටික වේලා­වක් කල්පනා කර­මින් සිට ඔහු මෙසේ කීවේය.

“ හා එහෙ­නම් කිය­නව බලන්න මගෙ වයස කීයද කියලා” එක් ළම­යෙක් වහාම නැගිට “අවු­රුදු පනස් හයයි” කීවේය. එයද නිවැ­ර­දිය. ඔහුට පුදුම සිතු­ණේය. ඔහු ළමයා කැඳවා එය දැන ගත්තේ කෙසේ දැයි ඇසීය.

“සර්, අපේ අයියා කෙනෙක් ඉන්නවා. එයාගෙ වයස අවු­රුදු විසි අ‍ටයි. එයාට බාගෙට පිස්සු” යැයි කීවේය. පරී­ක්ෂ­ක­ව­ර­යාට තරු පෙනුණි. එවේ­ලේම පන්ති­යෙන් පිට වී ගියේය. ඉන්පසු කිසිම දිනක ඔහු එම පාස­ලට පැමි‍ණියේ නැත.

චන්ද්‍රානී චිත්‍ර­ලතා ජය­කොඩි
ඉංගි­රිය

Comments