Hikvision නිවාස ආරක්ෂණ කැමරා පද්ධතිය ලංකාවට | සිළුමිණ

Hikvision නිවාස ආරක්ෂණ කැමරා පද්ධතිය ලංකාවට

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමෙහි මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය විසින් EZVIZ ස්මාර්ට් නිවාස කැමරා ආරක්ෂණ පද්ධතිය පළමු වරට ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවශ්‍රියෙන් අති සාර්ථකව පවත්වන ලදී.

ලොව ආරක්ෂක කැමරා සහ උපාංග නිෂ්පාදනයෙහි අංක එකේ රැඳී සිටින Hikvision සමාගම ආරක්ෂක කැමරා පද්ධති ඩිජිටල්කරණය, ජාලකරණය සහ කෘත්‍රිම බුද්ධිය මෙහෙයවීම ආදී නවීන උපාංග රැසක් හඳුන්වාදීමෙහි ලා ප්‍රමුඛව කටයුතු කරන ආයතනයකි. එහි අනුබද්ධිත සන්නාමයක් වශයෙන් මෙම නවතම EZVIZ නිවාස ආරක්ෂණ පද්ධතිය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. මෙම නවතම සන්නාමය යටතේ තොරතුරු ගබඩාකරණ විසඳුම්, ස්මාර්ට් නිවාස විසඳුම් (EZVIZ), වයර් සහිත සහ වයර් රහිත (wireless) එලාම් පද්ධති (pyronix), මෙන්ම දත්ත හුවමාරු කරණ උපකරණ හා මාධ්‍ය ආදී අංග රැසක් ද මේ යටතේ හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා EZVIZ නිවාස ආරක්ෂන පද්ධති මෙරට බෙදාහැරීමේ ප්‍රමුඛයින් වන IT Gallery ආයතනයට අනුබද්ධිත ප්‍රාදේශිය නියෝජිතවරුන් එක්ව සිටි අතර අදාල ක්ෂේත්‍රෙයේ ඉදිරිපත් කිරීම් හතරකින්ද මෙම අවස්ථාව සමන්විත විය. තවද Hikvision කැමරාවලට අදාළ වන TVI,IP, EZVIZ සහ ගබඩාකරණ තාක්ෂණය ද, CCTV වලට අදාළ නොවන අනිකුත් නිෂ්පාදන රැසක් පිළිබඳව ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ගෙවුණු වසර පුරා දක්ෂතා දැක්වූ සිය සමාගමට අනුබද්ධිත නියෝජිතයින් ඇගයීම ද මෙහිදී සිදුකෙරුණු අතර ඒ සඳහා දිවයින පුරා සිටින සිය නියෝජිතවරුන් 350 කට අධික පිරිසක් එක්ව සිටියහ. මේ අතරින් ප්‍රමුඛ ඛෙදාහරින්නන් Gold Dealer Partner ලෙස හැඳින්වූ අතර අනිකුත් විසඳුම් සහ පද්ධති සහකරුවන් Gold Value Added Solution Partners ලෙස මෙහිදී ඇගයීමට ලක්විය.

ජාත්‍යන්තර ප්‍රමුඛ සන්නාම වලින් යුතු තොරතුරු තාක්ෂණික උපකරණ මෙරට බෙදාහැරීමේ ප්‍රමුඛතම ආයතනයක් වන IT Gallery ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කළ 2007 වසරේ සිට අඛණ්ඩව සිය ජාලය දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කරමින් පද්ධති සහකරුවන්, ප්‍රති අලෙවිකරුවන්, සහ උපදේශකවරුන් රැසකගෙන් සැදුම් ලත් සමාගමක් බවට අද බවට පත්ව ඇත. Hikvision නිෂ්පාදන වලට අමතරව EAST විද්යුත් සහ UPS විසදුම්, කළු සහ සුදු ලේසර් ප්‍රින්ටර්ස් සහ ටෝනර්ස් , A4Tech පරිගණක උපාංග, OCEAN බහුමාධ්‍ය නිපැයුම්, සහ GNG සංයුක්ත ටෝනර්ස් සඳහා ද මෙරට බෙදාහැරීමේ පූර්ණ නියෝජිතත්වය දරයි.

අදහස්