සිංගර් සහ සෝනි එක්ව අධි බලැති ගෘහස්ථ ඕඩියෝ පද්ධති හඳුන්වා දෙයි | සිළුමිණ

සිංගර් සහ සෝනි එක්ව අධි බලැති ගෘහස්ථ ඕඩියෝ පද්ධති හඳුන්වා දෙයි

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සහ සෝනි ඉන්ටර්නැෂනල් එක්ව නවතම අධි බලැති ගෘහස්ථ ඕඩියෝ පද්ධති 6ක් හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මෙම හඳුන්වාදීම උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකා හි සභාපති මොහාන් පණ්ඩිතගේල සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්ල ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ, සිංගර් ශ්‍රී ලංකා හි සන්නාම කළමණාකරු තාරක වර්ණකුලසූරිය සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග්ල සෝනි අග්නිදිග ආසියා කලාපීයානූ අලෙවිකරණ ප්‍රධානී ජෙරමි හෙන්ග් සහ සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ වෙළඳ ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු එක්ව සිටියහ.

එමෙන්ම සෝනි ඕඩියෝ නිෂ්පාදන සදහා මෙරට සන්නාම තානාපතිවරුන් වන භාතිය සහ සන්තුෂ් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අදහස්