සැප්: 23 සිට 29 තෙක් ඔබට කොහොමද? | සිළුමිණ

සැප්: 23 සිට 29 තෙක් ඔබට කොහොමද?

මේෂ

සතුරන් පරාජය වේ

ලග්නාධිපති කුජ, කේතු දිග්බලව ද රුචක යෝගයෙන් ද සිටී. ගුරු සිකුරු නවවැන්නේය. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල දී තරමක් බාධා අවහිරතා ඉස්මතු වුව ද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් නිවැරදි නොවන මාර්ගයන්ට අවතීර්ණ වනු ඇත. විටෙකක උත්සාහයන්ගේ ප්‍රතිඵල නොලැබේ. දේපළ සම්බන්ධ ගැටලු පැන නැගිය හැක. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා

කටක

ශුභා’ශුභ ප්‍රතිඵල

යෝගකාරක කුජ කේතු 7 ද, ගුරු හතරේ ද සිකුරු සමග සිටී. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත. විවිධ අංශයන්ට යොමුවීම තුළ වාසි ගෙන දේ. ආර්ථික වශයෙන් විටෙක ශුභදායක බවක් පෙන්නුව ද මිල මුදල් ඉතිරිකර ගැනීම අපහසුයි. අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් පක්ෂෂය ඉහළ යනු ඇත. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්‍රිත පීඩා, අම්ලපිත්ත රෝගාදියෙන් පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය 02, දිනය සඳුදා

තුලා

බාධා ඇත

ලග්නාධිපති සිකුරු ලග්නයේ ස්වක්ෂේත්‍රයි. මාලවී යෝගයයි. ගුරු ලග්නයේ දිග්බලයි. ශනි 3 වැන්නේය. මෙම පිහිටීම තුළ ඔබගේ කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී ගති ඉස්මතු කළ හැකි නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු ගැන තරමක් අවධානයෙන් සිටීම අවශ්‍යයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මකර

බාධා මැද දියුණුව

ලග්නාධිපති ශනි 12 ද, ගුරු සිකුරු 10 ද සිටිමින් සතිය ආරම්භ වේ. මෙම කාල සීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී සුළු සුළු බාධා අවහිරතා ඇති වුවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව කිව යුතුයි. ක්‍රමික දියුණුවක් ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වඩාත් ශුභදායක වනු ඇත. ආගමික සහ සමාජීය කටයුතුවල යෙදීමෙන් සහනයක් ද සැනසීමක් ද ලබයි. රුධිර පීඩනය, හෘදගත පීඩා, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියට ඉඩ පවතින බැවින් පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා

වෘෂභ

ලාභ සහිතයි

ලග්නාධිපති සිකුරු හයවැන්නේ ගුරු සමඟ සිටී. හර්ෂ සහ සරල යෝගයයි. මෙම පිහිටීම තුළ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කරයි. ස්වකීය උත්සාහයෙන්යහපත් ප්‍රතිඵල ලබයි. ආර්ථිකය අතින් විටින් විට අනපේක්ෂිත ලැබීම්වලට ඉඩ පවතී. ගෙදරදොර කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. විටක සමගියට සාමයට බාධා එල්ල වන බැවිනි. සමාජීය සහ ආගමික අංශයට නැඹුරු වීම තුළ කිසියම් අන්දමක සහනයක් සැනසීමක් ලබයි. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

සිංහ

දියුණුවක් ලබයි

ලග්නාධිපති රවි දෙවැන්නේ උච්ච බුධ සමග සිටිය දී සතිය ආරම්භ වේ. ගුරු සිකුරු 3 වැන්නේයි. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් පෙන්නුම් කරයි. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබයි. ඉගෙනමේ කටයුතු කරගෙන යාමේ දී බාධා ඉස්මතු වේ. ගමන්බිමන් අධික වුවත් විටෙක ඉන් ලබන ප්‍රයෝජන අඩු වේ. උදරගත රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

වෘශ්චික

මිශ්‍රපලයි

ලග්නාධිපති කුජ උච්චව තුන්වැන්නේය. කේතු සමගයි. මෙම පිහිටීම තුළ කෙටි ගමන්බිමන් කිහිපයක්ම සිද්ධ වේ. ඒ තුළ කිසියම් සාර්ථක බවක් උදා වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් උදා කරන නිසා ඉතාමත් උන්නදුවෙන් ද කැපවීමෙන් ද යුතුව කටයුතු කළ යුතුයි. ආර්ථික වශයෙන් ශුභදායකයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

කුම්භ

යහපත් සතියක්

ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ද යෝගකාරක සිකකුරු, ගුරු භාග්‍යස්ථානයේ ද සිටී. අන්‍යයන්ගේ ආධාරය උපපකාරය ලබනු ඇත. ඒ තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක වනු ඇත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් උදා කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට නම් අලුත් විෂයයන් ගැන අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ උදා වේ. ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා

මිථුන

සමපලයි

ලග්නාාධිපති බුධ හතරවැන්නේ උච්චව රවි සමග සිටියදී සතිය ඇරඹේ. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් වෘත්තීය වශයෙන් ලබා ගත්ත ද විටින් විට බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේ ද නොවේ. මිල මුදල් ලැබීම තුළ රාශුගේ පිහිටීම හේතුවෙන් වියදම් පක්ෂය ඉහළ යාමත් තැන්පත් ධනයට හානි වීම් ඇති ව ීමත් පෙන්නුම් කරයි. විටින් විට අනපේක්ෂිත ලැබීම් ද වේ. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් පෙන්වයි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කන්‍යා

ශුභයි

ලලග්නාධිපති බුධ උච්චව භද්‍ර යෝගයයි. රවි සමග සිටී. ගුරු සිකුරු කුටුම්භස්ථානයේය. මෙම පිහිටීම් තුළ ඔබගේ කටයුතු කරගෙන යාමේ දී බලාපොරොත්තු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමගිය සහ සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික සහ සමාජීය අංශයන්ට හිත යොමු වේ.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

ධනු

සමපලයි

ලග්නාධිපති ගුරු අයස්ථානයේ සිටිය දී ස්වක්ෂේත්‍ර සිකුරු සමගයි. දියුණුවට කටයුතු සලසා ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. මිල මුදල් ලැබීම තුළ අයහපත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභදායක වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. සමාජිය සහ ආගමික අංශයන්ට නැඹුරුව ක්‍රියා කරයි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

මීන

බාධා ගෙන දේ

ලග්නාධිපති ගුරු සිකුරු අටවැන්නේ ද සිටී. සෙනසුරු දහයේය. මෙම පිහිටීම්වල දී තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා සහිතය. තම වැඩකටයුතුවලට බාධා අවහිරතා ගෙන දේ. ඉතාමත්ම බුද්ධිමත්ව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. නොඑසේ නම් බාධා අවහිරතා ගෙන දේ. ආර්ථික වශයෙන් එතරම් සාර්ථක නැත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වුවත් ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී කල්පනාකාරී නොවුවහොත් සමගිය සාමයට බාධා ගෙන දේ.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

Comments