සිනා කතා | සිළුමිණ

සිනා කතා

සෙකට්‍රි

රත්නසිරි දෙමටගොඩ පටු මඟක් දිගේ ඇවිද‍ගෙන යද්දී කවුදෝ තම නම කියා උස් හඬින් අමතනවා ඇසී වටපිට බැලුවේය. එවිට ඔහුගේ ඇස ගැටුණේ වසර ගණනාවකට පෙර තම නිවසට යාබද නිවසේ විසූ මැටිල්ඩා ය.

“අම්මේ! ඔයාව දැක්ක කල්. දැන් අපි ඉන්නෙ මෙහෙ. එන්ඩ, එන්ඩ වාඩි වෙන්ඩ.” පටුමග අයිනේ වූ පේළි නිවසක ඉස්තෝප්පුවේ පුටුවක් දක්වමින් මැටිල්ඩා කීවේ පුළුල් සිනාවක් පාමිනි.

“කෝ සෝමරත්න. වැඩට ගිහින්ද? දැන් කොහෙද මිනිහා වැඩ කරන්නෙ?” රත්නසිර ඇසුවේ පුටුවේ වාඩිවන ගමන්මය.

“දැන් එයා ජනවසමේ සෙකට්‍රි.’ මැටිල්ඩා කීවේ තරමක උඩඟු සිනාවක් නඟමිනි.

“නෑ... එහෙනං ඉතින් සෝමයට හොඳයිනෙ. ලොකු පඩියකුත් ලැබෙන්නෙ නැතෑ? ඒක ලේසිපාසු තනතුරක් යැ.” රත්නසිරි කීවේ ය.

“දවල් දවසෙ ඩියුටි කරල සමහර දවස්වලට රෑටත් වැඩ. ඒත් ඉතින් මහ ලොකු පඩියක් හම්බ වෙන්නෙ නං නෑ. අර තියෙන්නෙ එයාගෙ තොප්පිය.” මැටිල්ඩා බිත්තියේ ඇණයක රඳවා තිබූ හිස් වැස්මක් පෙන්වමින් කීවා ය.

“මං හිතන්නෙ මැටිල්ඩා ඔයාට පැටළුණා. මිනිහා ජනවසමේ සෙකට්‍රි නෙමෙයි සිකියුරිටි කෙනෙක් වෙන්ඩ ඇති.” රත්නසිරි කීවේ සාවඥ සිනාවක් නඟමිනි.

ගාඩ් එක නැතුව පුළුවන් ද?

“දැන් ඔය උඹලා යන්නෙ කතරගම දේවාලෙට භාරයක් වෙලා එන්ඩනෙ. ඉතින් ඒ ගමනට ආරක්ෂාවට ඉන්න ඈයො ගෙනියන එකේ තේරුමක් තියෙනවද?’ නැන්දම්මා මන්ත්‍රීවරයා දෙසත් තම දියණිය දෙසත් බලමින් ඇසුවා ය.

“ඒ වුණාට අම්ම් අපි කතරගම දේවාලෙට ගිහින් ඊට පස්සෙ කිරිවෙහෙර වැඳ පුදා ගන්ඩත් යන්ඩනෙ හිතාගෙන ඉන්නෙ.” මන්ත්‍රීතුමා තම නැන්දම්මා දෙසට හැරී කීවේ ය. 

අදහස්